×

ලොව පුරා බිලියන අඩකට වැඩි පිරිසක් ප්‍රමාණවත් වැටුපක් නොමැතිව පීඩාවිඳියි – එක්සත් ජාතීන්

දශකයේ ඉහළම විරැකියා මට්ටමක් වාර්ථා වන වසර - 2020 වනු ඇත


ලොව පුරා බිලියන භාගයකට ආසන්න ජනතාවක් ප්‍රමාණවත් වැටුපක් සහිත සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලබා ගැනීඹ සදහා අරගල කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගෝලීය අසමානතාව සහ දේශ ගුණික අර්බුදය පිළිබදව අවධානය යොමු කිරීම සදහා ලෝක නායකයින් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වෙත රැස්විය එහිදී වාර්ථාවක් නිකුත් කරමින්  එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) කියා සිටියේ ලොව පුරා මිලියන 473 කට වැඩි පිරිසකට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට රැකියා අවස්ථා නොමැති බවයි. . මේ හේතුවෙන් ඒක පුද්ගල දරිද්‍රතාව මෙන්ම ආදායම් විෂමතාවද ඉහළ ගොස් ඇති බව එම වාර්ථාව පෙන්වා දෙයි.

මෙම වාර්ථාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය තවදුරටත් පවසන්නේ පසුගිය දශකයක කාලය තිස්සේ වාර්ථා වූ ඉහළම ගෝලීය විරැකියා තත්ත්වය පළමු වරට 2020 වසරේදී වාර්ථා වනු ඇති බවයි. ලොව පුරා රාජ්‍යයන් අතරින් වාර්ථා වන දුර්වල ආර්ථික වර්ධනය සහ ගෝලීය ආර්ථික වර්ධනය හේතුවෙන් රැකියාවලින් බැහැරව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.5කින් ඉහළ යනු ඇති අතර ඒ අනුව සමස්තය මිලියන 190ක් දක්වා වනු ඇත.

මේ වසරේ ගෝලීය වර්ධනය පහත වැටීමේ අවදානමක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම වාර්තාව නිකුත් කරනු ලැබිණ

ලෝක ආර්ථිකය විසංයෝජනය කිරීම සදහා කර්තව්‍යන් අසාර්ථක වීම සහ අඩු ආදායම්ලාභී රටවල දරිද්‍රතාවය පාලනය කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රයත්නයන් අඩපණ කරන වෙළද ආතතිය මෙයට හේතු ලෙස හදුනාගෙන තිබිණි.

ලොව පුරා බිලියන 5.7 ක ජනගහනයක් සිටින වැඩ කරන වයස් ජනගහනයෙන් මිලියන 165 ක් පමණ සේවයේ යොදවා ඇති නමුත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් වැටුප් සහිත පැය ගණනක් සමඟ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. තවත් මිලියන 119 ක් ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් නිසා සක්‍රීයව රැකියා සෙවීම අතහැර දමා හෝ රැකියා වෙළඳපොළට පිවිසීමට නොහැකි ව සිටින බවද වාර්ථාව විසින් අනාවරණය කරයි . නිල වශයෙන් රැකියා විරහිතයන් ලෙස වර්ගීකරණය කර ඇති පිරිස ලෝකය පුරි මිලියන 473 කට අධික බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලෝක කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල් ගයි රයිඩර් පවසන පරිදි “මිලියන සංඛ්‍යාත සාමාන්‍ය ජනයාට, වැඩ තුළින් වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා ගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇත.”
විශාල මානව කුසලතා සමූහයක ඇති විය හැකි ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලොව පුරා රටවල් අතපසු කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

ලදායී, හොඳින් වැටුප් සහිත රැකියා නොමැතිකම නිසා ලොව පුරා මිලියන 630 කට අධික කම්කරුවන් දිනකට ඩොලර් 3.20 (ඩොලර් 2.46) ට වඩා අඩු ආදායමක් මත අන්ත හෝ මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් පෙළෙනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි