×

Happy 4th of July, ඇමරිකා එක්සත් ජනපදය උපත සමරන දිනය අදයි !

ඇමරිකානු නිදහස් අරගලය, බටහිර දේශපාලන චින්තනය මෙන්ම, සමස්ථ මානව සංහතියේම දේශපාලන දැක්ම වෙනස්ම මානයක් කරා යොමු කරන ලද්දකි.


ජූලි 4 වන දින, එක්සත් ජනපදය නිදහස් ප්‍රකාශනයට ගෞරවයක් වශයෙන් ෆෙඩරල් නිවාඩු දිනයක් සමරනු ලැබේ.

මෙම නිදහස් ප්‍රකාශනය 1776 ජූලි 4 වන දින යටත් විජිත 13 හි නියෝජිතයින් විසින් සම්මත කර ගන්නා ලදි. 4 වන දින, කොන්ටිනෙන්ටල් කොන්ග්‍රසය නිදහස් ප්‍රකාශනයේ අවසාන වචන අනුමත කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ උපත සමරන දිනය මෙයයි.

ඇමරිකානු නිදහස් අරගලය, බටහිර දේශපාලන චින්තනය මෙන්ම, සමස්ථ මානව සංහතියේම දේශපාලන දැක්ම වෙනස්ම මානයක් කරා යොමු කරන ලද්දකි.

එම අරගලයේ ප්‍රතිඵලය ලෙස බිහිවූ ලිබරල් රාජ්‍යය, සෘජුව ජනතාවගේ කැමැත්ත මත තේරී පත්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක පළමු ආදර්ශය වූ අතර, රාජ්‍ය නායකයා වූයේ, ගෙවී යන ධුර කාළයක් සහිත, ජනතා අභිමථය පරිදි තේරී පත්වන ජනාධිපතිවරයෙකි. එමෙන්ම රාජ්‍ය නායක ධුරය හෝ, අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය ආදියෙහි පක්ෂ විපක්ෂ කවර තනතුරක් හෝ ප්‍රවේණිගත උරුමයක් ලෙස, පියාගෙන් දරුවන්ට මාරු නොවන ක්‍රමයක් ලෝක ඉතිහාසයේ මුල් වරට සුපැහැදිලිව බිහිකරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.

අද වන විට ඇමරිකාව යුධ පාර්ශව කරුවෙකු ලෙස නිමක් නොවන යුද්ධයකට මැදිහත් වෙමින් ඇත. ඇෆ්ගනිස්ථානයෙන් හමුදා කැඳවීමත් සමඟ බයිඩන් සාමයේ පරවියා වශයෙන් බොහෝ විචාරකයන් විසින් හඳුන්වනු ලැබීය. නමුත් ඔහු මේ වන විට යුධ වීරයාගේ භූමිකාවේ ගමන් ගනිමින් ඇත. ඔහු හමුදාව, ආයුධ, මුදල් මෙන්ම සිය පාර්ශවීය සහය යුක්රේනයට ලබා දෙමින් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ හේතුවෙන් ඇමරිකාවේ ලිබරල් චින්තනය අභියෝගයට ලක් වෙමින්, රට නැවත ආපස්සට යන බවට බොහෝ දෙනා චෝදනා කරමින් ඇත. මෙවැනි අතිශය අර්බුදකාරී මොහොතක ඇමරිකාව මෙවර සිය 246වන නිදහස් දිනය සැමරෙනු ඇත.

තත්වය මෙසේය.

ඔබ තුළ ගිනි පුපුරක් ඇති නිසා
ඔබට ඇත්තේ ආලෝකය දැල්වීම පමණි
එය බැබළෙන්න ඉඩ දෙන්න
ජූලි හතරවැනිදා වගේ …..

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි