×

හැරිස් නිතරඟයෙන්ම ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ලකුණු

කමලා හැරිස් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපත්වරණ නාම යෝජනා භාර ගන්නා පළමු කළු ජාතික කාන්තාව සහ පළමු ආසියානු ඇමරිකානුවා වේ.


සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ජෝ බයිඩන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් පෙනී නොසිටින බවට නිල වශයෙන් පසුගිය ඉරිදා(21) නිවේදනය කිරීමත් සමඟ උප ජනාධිපති කමලා හැරිස්ට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමට ප්‍රමාණවත් ඩිමොක්‍රටික් නියෝජිතයින්ගේ සහායක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂයෙන් වෙනත් ප්‍රබල තරඟ කරුවකු ඉදිරිපත්ව නොමැති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි වීමට ඇයගේ උත්සාහය පිටුපස පක්ෂයේ පුළුල් පිරිසක් පෙළ ගැසී ඇති අතර හැරිස් ඊයේ(22)දිනයේදී සිය ප්‍රචාරක කාර්ය මණ්ඩලය අමතමින් කැලිෆෝනියාවේ නීතිපතිවරයෙකු ලෙස සහ නඩු පවරන්නෙකු ලෙස ඇයගේ අත්දැකීම් බෙදාගත් අතර එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, “ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වර්ගය මම දන්නවා ‘ යනුවෙනි.

කෙසේ නමුත් කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහන් කර තිබුණේ, නව ඩිමොක්‍රටික් අපේක්ෂකයා වශයෙන් කමලා හැරිස් මැතිවරණයට ඉදිරිපත්වන බවට තහරුවූ වීමත් සමඟ පළමු පැය 24 තුළ ඩොලර් මිලියන 81ක් රැස් කර ඇති බවයි.

ඒ අනුව කමලා හැරිස් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපත්වරණ නාම යෝජනා භාර ගන්නා පළමු කළු ජාතික කාන්තාව සහ පළමු ආසියානු ඇමරිකානුවා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි