×

”ඉඩායි” ඔවුන්ට කිසිවක් ඉතිරි නොකළේය

''සියළු දේ විනාශ වුණා… තවත් කිසිවක් ඉතිරි වුණේ නැහැ.''


ඔවුන් සිය ජීවිත කාලයටම එක් රැස් කලා වූ සියල්ල ක්ෂණයකින් ඔවුන්ට නැති වී ගියේය. සිය දූ පුතුන් වලලා දැමූවේ කෙහේදැයි නොදන්නා මවුවරුන් තැනින් තැන හඩා වැළපෙමින් ඔවුන් සොයන්නෝය. පියවරු සිය දරුවන්ට ආහාරයක් සොයමින් ඉබා ගාතේ ඇවිදිමින් සිටිති. ආහාරයක් , නිදන්නට වහලක් මෙන්ම තම නෑ හිත මිතුරන්ද අහිමි වූ මොසැම්බික් හී බෙයිරා නගරයේ වැසියන් ගේ එකම බලා පොරොත්තුව වන්නේ වැස්ස නතර වේවා යන්නයි.

ඉඩායි සුළි සුළගත්, අධික වර්ශාවත් නිසා දින ගණනාවක් තිස්සේ බෙයිරා නගර වැසියන් පීඩා විදිමින් සිටිති. මිය ගිය පිරිස හරියටම ගණන් බලා නැතත් මේ වන විට සිරුරු සිය ගණනක් නගරයේ මාර්ග අයිනේ ගොඩ ගසා ඇත. උක් ගස් කර්මාන්තයේ යෙදුන මේ නගර වැසියන්ගෙන් බෙහෝමයකගේ මළ සිරුරුද උක් වගාවන් තුළද සැගව ගොස් ඇත.

දකුණු අප්‍රිකාව හරහා ගලා යන බුසී හා පුන්ග්වේ ගංගාවන් පිටාර ගැලීම නිසා වැඩි වශයෙන්ම හානි සිදු වූ අතර එමගින් ඇති වූ විපත මේ තරම් යැයි ගණන් බලීමට පවා අපහසුය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන පවසන්නේ තත්ත්වය සිතනවාට වඩා බොහෝ සෙයින් අනතුරුදායක බවය.

බුසී ගංගාව පිටාර ගොස් ඇති අයුරු

ඉදිරි සති වලදී මොසැම්බික් හී තත්ත්වය බොහෝ සෙයින් බරපතල වනු ඇතැයි පවසන එම සංවිධාන පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඉතා අසීරු දායක තත්ත්වයක් උදා වෙනු ඇති බවයි. මේ වන විටක් බෙයිරා හී කොලරා තත්ත්වයන් උද්ගත වී ඇතැයි පැවසේ .

පුද්ගලයින් 2000000 පමණ නිවහන වූ මෙම අනතුරට පත් ප්‍රදේශය අතහැර යන්නට දැන් දැන් එහි වාසය කළ පිරිස් ආරම්භ කර ඇත. ඒ ඉදිරියේදී තත්ත්වය බරපතල වනු ඇතැයි සිතන හෙයිනි. නගරය හැර යන්නට පාර් හෝ කුඩා බෝට්ටු ඔවුහු භාවිත කරති.

”සියළු දේහ විනාශ වුණා… තවත් කිසිවක් ඉතිරි වුණේ නැහැ.”

යුනිසෙෆ් ආයතනය පවසන්නේ මිලියන 1.7ක් පමණ මෙම දේශ ගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි