×

ජෝර්ජ් ස්ටිනේ ජූනියර් 20 වන සියවසේ මරණ දඬුවම හිමි වූ ලාබාලතම අහිංසකයා

මරා දමා 70 වසරකට පසු ඔහු නිවැරදි බව යළිත් අධිකරණය තහවුරු කලේය.


ජෝර්ජ් ස්ටිනේ ජූනියර්. විසි වන සිය වසේ මරණ දඩුවම හිමිව මරා දැමුණු ලාබාලතමයා ඔහුය . ඒ ඔහුට වයස අවුරුදු 14දීය. ඔහුගේ කථාව සැබෑම ඛේදවාචකයකි. වරදක් නොකර වරද කරු වී මරණ දඩුවම හිමිව මිය ගිය ලාබාලතමයා වීමට වඩා ඔහුගේ කථාව ඛේදවාචකයෙකි. ඒ ඔහුව මරා දමා වසර 71ට පසු 2013 වසරේදී ඔහු වරදකරු නොවන බව අධිකරණය විසින් සනාථ කිරීම හේතුවෙනි.

ජෝර්ජ් ස්ටීවන් උපත ලබන්නේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා හී අල්කෝලු හීදී 1929 වසරේදීය . එවකට ඇමරිකාව යනු කළු ජාතිකයන් පීඩනයට පත් කළ මෙන්ම කළු ජාතිකයන් සිය වහළුන් සේ සැළකූ රාජ්‍යයකි. සිය දෙමාපියන් සමග අල්කොලූ හී ජීවත් වූ ඔහු ට මරණ දණ්ඩණය නියම වූයේ සුදු ජාතික දැරියන් දෙදෙනෙකු මරා දැමුවේයැයි යන චෝදනාවටයි.

මරා දමා තිබූ දැරියන් ගෙන් එක් අයෙක් 7 හැවිරිදි වුවාය අනෙකා 11 හැවිරිදි වූවාය. ජෝර්ජ් ස්ටීනේ ජූනියර්ගේ වයස එවකට අවුරුදු 14ක් විය.

කිසිදු වග විභාගයක් නොමැතිව සුද් ජාතික දැරියන්ගේ සිරිරුරු හමු වූ පසු ජෝර්ස් සිටිනේව අත්අඩංගුවට ගනු ලබන්නේ දැරියන් දෙදෙනා අතර මගදී ඔවුන්ට හමුවූ බව ඔහු විසින් ප්‍රකාශ කිරීම සාක්ෂියක් කොට ගනිමිනි.

අත් අඩංගුවට ගත් දා සිට ඔහුට විරුද්ධව නඩු පවරා නඩු විමසා මරණ දඩුවම ලබා දී ඔහුව විදුලි පුටුවක තබා මරා දමන්නට එවකට ඇමරිකානු නීති නිළධාරීන් ගත්තේ හරියටම මාස තුනකටත් අඩු කාලයකි. දින 81කි.

අත් අඩංගුවට ගත් දා සිටම ජෝර්ජ් සිටිනේව හමුවී කථා කිරීමට සිය මව පියාට පමණක් නොව ඔහුගේ නීතිඥයාට ද ඉඩක් නොලැබිණි.

හේතුව වූයේ ඔහු කළු ජාතිකයෙකු වීමම පමණි. දකුණු කැරොලිනා අධිකරණයේ පැවති ඔහුගේ නඩු විභාගයේදී සියලු ජූරි සභිකයන් 12 දෙනාම සුදු ජාතිකයන් වූ අතර ඔවුන් සියල්ලෝම එක හඩින් ජෝර්ජ් සිටිනේ ජූනියර්ව වරද කරු කළේ විනාඩි 10ක තරම් සුළූ කාලයක විචාරණයකින් පසුවයි. ඔවුන් විනාඩි 10ක් ඇතුළත මේ කුඩ දරුවා විදුලි පුටුවක තබා ඔහුට මරණ දඩුවම ලබා දිය යුතු බවට තහවුරු කරන ලදී, මාස දෙකකට පසු ඔහුව මරා දැමිණි.

සිදුවන්නේ කුමක්ද යන්න ජෝර්ජ් ස්ටිනේට හරි හැටිම වැටහුනේ නැත. තමන් කළ වරදක්ද ඔහු දන්නේ නැත. දෙමාපියන් දකින්නට හෝ නොහැකි වීම ඔහු ‍ගේ එකම වේදනාව විය. ඔහුගේ නැගණිය එක හෙලාම පැවසුවේ සිය සෙහොයුරා තමන් සමග එම දිනයේ සෙල්ලම් කළ බවයි. ඔහු වෙන කොතැනක හෝ නොගිය බව ඈ දිගින් දිගටම පැවසීය. නමුත් නඩු විභාගයේදී හෝ කිසිදු අවස්ථාවක ඒ පිළිබදව කථා කරන්නට ඔවුන්ට අවස්ථාව අහිමි විය. නඩු විභාගයේදී කිසිදු කළු ජාතිකයෙකුට උසාවිය තහනම් වූ අතර එහි 1000කට අධික සුදු ජාතිකයන් පිරිසක් පිරී සිටියහ. සිටි එකම කළු ජාතිකයා වූයේ ජෝර්ජ් සිටිනේ ජූනියර් පමණි. නඩු විභායෙන් පසු කිසිදු අභියචනයක්ද නොවීම අදටත් ඇමරිකානු අධිකරණ ඉතිහාසයේ සිදුවූ බරපතලම වරදකි.

මේ සියල්ලකම අවසානයේ 1944 ජූනි 16 වන දින පව 7.30ට ඔහුව විදුලි පුටුවේ හිදුවා වොල්ට්ස් 5380ක විදුලියකට හසු කර ඔහුව මරා දමනු ලැබුවේ පැමිණිලි කරුවන් සියල්ලෝම බලා සිටියදීය. ඔහු හිදවූ විදුලි පුටුව අඩි පහක් අගල් 1ක උසින් වූ එකකි එහි බර රාත්තල් 90 කි සිර මැදිරියේ සිට විදුලි පුටුව දක්වා යන අතර මග ඔහු හඩා වැටෙන්නේ තමන්ට මිය යා නොහැකි බවත් තමන් කිසිවෙකුත් මරා දමා නොමැති බව කියමිනුත්ය. විශාල විදුලි පුටුවේ හද ගැස්වීමට තරම් ජෝර්ජ් කුඩා විය. නිසි පරිදි ගැලපෙන සේ හිදුවීමට අවශ්‍ය බැවින් පුටුව මත බයිබලයක් තබා ඒ මත ඔහුව හිදුවනු ලැබුවේ අවශ්‍ය උසින් ඔහුව හිදුවන්නටය. සිරුර පුරා විදුලිය යවා මිනිත්තු 8කට පසු වෛද්‍යවරා විසින් ජෝර්ජ් සිටිනේ ජූනියර් මිය ගිය බවට තහවුරු කලේය. මවුපියන්ද නැගනියද මාස තුනකට පසු දකින්නේ පිළිස්සුම් තුවාල සහිත ජෝර්ජ්ගේ මළ සිරුරයි.

This image has an empty alt attribute; its file name is 3-2.jpg

1944දී මරා දැමුණු ජෝර්ජ් සිටිනේ ජූනියර් පිළිබදව පුවත් පත් වාර්ථා සහ අධිකරණ වාර්ථාකියවීමෙන් අනතුරුව ඔහුට සාධාරණය හිමිවී නැති බව වටහා ගන්නා අල්කෝලු හී ඉතිහාසඥයෙකු වන ජෝර්ජ් ෆ්‍රියර්සන් මේ පිළිබදව පරීක්ෂණ අරඹන්නේය. තවත් නීතිඥයන්ගේද සහය ඇතිව 2014 වසරේදී නැවතත් දකුණු කැරොලිනා අධිකරණයේදී ඔහු නොමැතිව ඔහුගේ නඩු විභාගය විමර්ෂණය කරණු ලබන්නේය. ඒහිදී නඩු විභාගයේ තීරණය වූයේ දැරියන් දෙදෙනා හට මිය යන තෙක් පහර දෙන්නට භාවිතා කළ දුම්රිය මාර්ග වලට යොදා ගන්නා යකඩ ලීය කිලෝ ග්‍රෑම් 19කටත් වඩා බර එකක් බවත් 14 හැවිරිදි දරුවෙක්ට එවැන්නක් එසවීමට කිසිසේත් නොහැකි බවත් . එනයින් ජෝර්ජ් ස්ටිනේ එකී මිනී මැරුමට කිසිසේත් වරදකරු නොවන බවත්ය.

ජෝර්ජ් ස්ටිනේ පිළිබදව ස්ටීවන් කිංග් විසින් ද ග්‍රීන් මයිල් ග්‍රන්ථය ලියැවුණ අතර ඒ ආශ්‍රිතව පසුකාලීනව ද ග්‍රීන් මයිල් නමින් චිත්‍රපටයක්ද නිපදවන්නේය.

මරණ දඩුවම යනු ලෝකයට අවශ්‍යම දෙයක් ද ?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි