×

හැරී පෝටර් රසිකයන්ට ඇඟ හිරිවැටෙන කතාවක් හොලිවුඩයෙන්!

සටහන – පුන්සරා ලියනගේසැප්තැම්බර් 13 ,(ලෝකය)අවුට්බවුන්ඩ් ටුඩේ: ඉදිරි දිනයන්හී දී නිකුත්වීමට නියමිත හැරී පෝටර් නවතම කතා මාලාව සඳහා නවක ළමා නළු නිළියන් බඳවා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සතිය මුලදී එසේ බඳවා ගැනීම් සඳහා තෝරාපත් කර ගැනීම සිදු කරන අතර “හැරී ,රොන් සහ හර්මයිනි” ගේ භූමිකාවන් සඳහා සුදුසුකම් ලැබීමට නම් 2025 අප්‍රේල් […]


සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 13 ,(ලෝකය)අවුට්බවුන්ඩ් ටුඩේ:
ඉදිරි දිනයන්හී දී නිකුත්වීමට නියමිත හැරී පෝටර් නවතම කතා මාලාව සඳහා නවක ළමා නළු නිළියන් බඳවා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සතිය මුලදී එසේ බඳවා ගැනීම් සඳහා තෝරාපත් කර ගැනීම සිදු කරන අතර “හැරී ,රොන් සහ හර්මයිනි” ගේ භූමිකාවන් සඳහා සුදුසුකම් ලැබීමට නම් 2025 අප්‍රේල් මාසය වන විට වයස අවුරුදු නවයත් එකොළහත් අතර විය යුතුය.

එසේ ඉදිරිපත්වන්නන් එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ පදිංචි කරුවන්ද විය යුතුය.

අයදුම් කිරීමට මග බලාගෙන සිටින ඔබට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් සහිත වීඩියෝ පට දෙකක් ඒ සඳහා යැවිය යුතු අතර වීඩියෝ පට දෙකෙහි පළමුවන්න තුළ කතාවේ කොටසක් ඉදිරිපත් කළ යුතු අතර දෙවැනි දෙවැනි වීඩියෝවෙහි ඔවුන්ගේ උපන්දිනය, උස සහ ඔවුන් ජීවත් වන ස්ථානය පිළිබඳව ජීව දත්ත ඇතුළත් කළ යුතුය.

හැරී පෝටර් රසිකයන් මේ සඳහා පොර බඳිමින් සිටිනු ඇත.

මෙම නවතම කතා මාලාව 2025 හෝ 2026 වසර තුළදී නිකුත් කිරීමට නියමිතව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි