×

මැඩෝනා, බියොන්සේ ලැගුම් ගන්නා කියුබානු හෝටලයේ පිපිරීම ඡායාරූපගත කිරීමට දස දහසක් රැස් වෙලා!

කියුබාවේ හවානා අගනුවර ප්‍රකට සංචාරක හෝටලයක පිපිරීමක් සිදුවිය.


හොටෙල් සගරෝටා හි සිදුවූ මෙම පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව නවතම වාර්තාවල සඳහන් වේ.

මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර, 74 දෙනෙකු පිපිරීමෙන් තුවාළ ලැබීය.

හොටෙල් සගරෝටා පිහිටා තිබෙන කලාපය හවානා අගනුවර ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.

මෙම පිපිරීම සිදුවන විට සංචාරකයන් සඳහා හෝටලය වසා දමා තිබූ අතර, සේවකයන් එතුළ සිටියහ.

කාමර 96 කින් යුක්ත මෙම හෝටලය කියුබාවේ ප්‍රධාන හෝටල් ජාලයකට අයත් ය. එය පාලනය කරන්නේ කියුබානු මිලිටරිය විසිනි. මෙය සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව බ්‍රිතාන්‍ය සමාගමක් විසින් පිළිසකර කරනු ලැබුවේ, විදේශීය නියෝජිතයන් හා සංචාරකයන්ට යෝග්‍ය ස්ථානයක් වන පරිදි ය. මැඩෝනා සහ බියොන්සේ, Jay Z  වැනි සුපිරි බටහිර තරු, කියුබාවට පැමිණි විට ලැගුම් ගන්නේ මෙම තරු පහේ හෝටලයේ ය.

බියොන්සේ සහ Jay Z

පශ්චාත් වසංගත තත්වය යටතේ හෝටලය විදෙස් සංචාරකයන්ට වසා දමා තිබුණත්, තව දින 4 කින් එය විවෘත කිරීමට නියමිත වී තිබිණි.

ANSA/HOTEL-SARATOGA.COM

මේ අතර, පිපිරීම සිදුවී විනාඩි 15 ක් ඇතුළත 10,000 කට අධික කියුබානුවන් පිරිසක් හෝටල් භූමියට කඩා වැදී ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම සිදුකළ බව වාර්තා වේ.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි