×

WhatsApp? ඔබත් HACK වෙලාද?

WhatsApp මෘදුකාංගය හැකි ඉක්මණින් යාවත්කාලීන කර ගන්නැයි ෆේස්බුක් සමාගම පරිශීලකයන්ට දන්වයි.


වට්ස් ඇප් නිර්මාණය කළ ෆේස් බුක් සමාගම මේ වන විට සියලු වට්ස් ඇප් පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ස්මාර්ට් ජංගම දුරකථනයන්හී වට්ස් ඇප් මෘදුකාංගය හැකි ඉක්මණින් යාවත්කාලීන update කරන ලෙසයි. මීට හේතුව වී ඇත්තේ නොබෝදා වට්ස්ඇප් පරිශීලකයන් මිලියන ගණනකගේ ගිණුම් ඊශ්‍රායල හැකර් ප්‍රහාරයකට ලක්වීමය.

ෆේස්බුක් සමාගම පවසන පරිදි වට්ස් ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගන්නි විට පරිශීලකයා ගේ දුරකථනයට අනවසරයෙන් ඇතුළුවන මෘදුකාංගයක් spyware ඇතුල් කරනු ලබයි. මෙමගින් සුදවන්නේ තුන්වන පාර්ශවයකට අදාල ඇමතුම , හෝ පණිවිඩ හෝ අනෙකුත් දත්ත ඔබේ දුරකථනයෙන් සොරා ගැනීමට හෝ සවන් දීමට හැකිවීමයි. එමගාන් ඔබේ දුරකථනයේ ඇති කැමරාව , මයික්‍රොෆෝනය, මෙන්ම අනෙකුත් අංශ වලටද ඇතුල් වීමට ඔවුන්ට හැකි වේ.

මෙම හානිය සිදු වන්නේ කුමන දුරකථන වර්ගවලටද

මෙම හැකර් ප්‍රහාරය මගින් ඕනෑම වර්ගයක වට්ස් ඇප් හෝ වට්ස් ඇප් බිස්නස් මෘදුකාංග ක්‍රියාත්මක කරන දුරකථන වලට බලපෑම් සිදුවී ඇත. ෆේස්බුක් සමාගම පවසන පරිදි Apple’s iPhone (iOS), Android phones, Windows Phones සහTizen devices මේ සියල්ලද ඇතුළු සියලුම දුරකථන ඊට ඇතුල් වේ. ලෝකය පුරා වට්ස් ඇප් භාවිතා කරන පරිශීලකයන් ප්‍රමාණය බිලියන 1.5කි.

මෙය කාගේ හැකර් ප්‍රහාරයක් ද?
Financial Times පවසන පරිදි Israeli cyber intelligence company NSO Group හෙවත් ඊශායලයේ සයිබර් බුද්ධි ආයතනය විසින් මෙම spyware ක්‍රමලේඛය වැඩි දියුණු කර ඇත. මෙම spyware සදහා ඔබේ දුරකථනයට ඇතුලු වීමට අඩුම තරමේ ඔබ විසින් වට්ස් ඇප් හරහා ඔබට එන ඇමතුමට ඔබ ප්‍රතිචාර දැක්වීම හෝ අවශ්‍ය නොවේ. ඇමතුමක් ඔබේ දුරකථනයට පැමිණීම පමණක්ම සෑහේ. එමෙන්ම සිදු වූයේ කුමක්දැයි යන්න ඔබේ දුරකථන පරිශීලන තොරතුරු (logs)වලද ද සටහන් නොවේ.

ඔබ මෙම හැකර් ප්‍රහාරයට ලක් වී ඇතිද?
මෙම ඔත්තුකාර හැකර් ප්‍රහාරයට ලක්වූ බෙහෝ පරිශීලකයන් තමන්ගේ දුරකථනයටද අදාල spyware ඇතුළු වී ඇතිදැයි තවමත් හදුනාගෙන නැත. විශේෂයෙන්ම එංගලන්තයේ මානව හිමිකම් නීතිඥවරුන් සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හී පර්යේෂකයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් මෙහි ඉලක්ක බවට පත් වී ඇති බව හදුනාගෙන තිබේ. ඔබ වට්ස් ඇප් ඔස්සේ නන්නාදුනන දුරකථන ඇමතුමක් ලැබී ඇත්නම් බෙහෝ විට ඔබගේ දුරකථනයට ඔවුන් එබිකම් කර ඇත. එවැනි දුරකථන ඇමතුමක් නොලැබුණිනම් ඔබේ දුරකථනය ආරක්ෂිතය. නමුත් බෙහෝ විට ඔබේ රැකියාව ඔවුන්ගේ මෙම ප්‍රහාරය සදහා වැඩියෙන්ම බලපැන සාධකය වී ඇත.

ඔබේ දුරකථනය ආරක්ෂා කරගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?
ෆේස්බුක් සමාගම මේ වන විට ඔවුන්ගේ පාර්ශවයෙන් විය යුතු server-side change වෙනස්කම් සිදු කර ඇති අතර පරිශීලකයන් ගෙන් ඉල්ලා සිටින්නේ වට්ස් ඇප් මෘදුකාංගය සිය දුරකථනයේ යාවත්කාලීන කරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි