×

රෝගීන් 70000 ඉක්මවන ‌මොහොතේ චීනය covid-19 ගැන දැවැන්තම අධ්‍යයන වාර්ථාව එළි දක්වයි

ඉහළම මරණ අනුපාතය වන 14.8% වාර්ථා වන්නේ වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින් අතරිනි


කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් -19 රෝගය නිසා ආසාදනය වූ රෝගීන් අද වන විට 72436 ඉක්මවා ඇති අතර මිය ගිය සංඛ්‍යාව 2000ට ආසන්නය. චීනයේ සෞඛ්‍ය අංශ විසින් මේ පිළබදව සිදු කළ දැවැන්තම පර්යේෂණයේ වාර්ථාව අද එළි දක්වන ලදී. එය රෝගය පිළිබද සිදු කළ විශාලතම අධ්‍යයනයයි.

චීනයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (සීසීඩීසී) දත්ත වලට අනුව ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ‌මෙන්ම දුර්වල පුද්ගලයින් වන අතර වැඩි පිරිසක් වැඩිහිටි පුද්ගලයන් වෙයි.

රෝගය සම්බන්ධව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවධානම පිළිබදවද මෙම වාර්ථාව විසින් පෙන්වා දී ඇත. වුහාන් රෝහලේ අධ්‍යක්ෂ වරයෙකු වූ 51 හැවිරිදි ලියු ෂිමිං කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යෑම මෙම අනුමානයට හේතුවක් වී ඇත.

සීසීඩීසී හී වාර්ථාවට අනුව රෝගයේ මූළස්ථානය වන චීනයේ වුහාන් පළාතේ රෝගය මුල් කර ගත් මරණ අනුපාතය 2.9% වන අතර රටේ සෙසු පළාත් හී ඒම අනුපාතය 0.4ක් වේ.

මෙම වාර්ථාවට අනුව කොවිඩ්-19 මුලි කරගත් සමස්ත මරණ අනුපාතිකය 2.3%කි. ඒමෙන්ම මේ වන විට 12000කට වැඩි පිරිසක් රෝගය වැළදීමෙන් පසු සුවය ලබා ඇත.

මෙම අධ්‍යයන ප්‍රතිපලයන් විසින් බෙහෝ දුරට වෛරසය පිළිබදව විස්තර සහ අසාදන රටාවන් පිළිබද තොරතුරු සනාථ කරන අතර මේ සදහා සමස්ත චීනය පුරා වාර්ථා වූ සිද්ධීන් 44672ක් පිළිබදව සවිස්තරාමක අධ්‍යයනයක් සිදු කර ඇත.

පර්යේෂණයේ නිගමනයන් අතර

  • ආසාදන අවස්ථා වලින් 80.9% ක් මෘදු ලෙසද, 13.8% ක් දරුණු ලෙසද, 4.7% ක් පමණක් බරපතල ලෙසද වර්ග කර ඇත.

  • වැඩිම මරණ අනුපාතය වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින් අතරින් වාර්ථා වන අතර එය 14.8% කි.

  • වයස අවුරුදු 9ට අඩු දරුවන් අතරින් කිසිදු මරණයක් වාර්ථා නොවන අතර වයස අවුරුදු 9ත් 39ත් අතර පුද්ගලයින් ගේ මරණ අනුපාතය 0.2% දක්වා අඩු මට්ටමක පවතී. වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ගේ මරණ අනුපාතය ක්‍රමයෙන් ඉහළ යන අතර එය 0ත4ක් වශයෙන්ද 50ට වැඩි පුද්ගලයින්ගේ මරණ අනුපාතය 1.3ක් ලෙසද වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගේ 3.6 දක්වාද 70 ඉක්මවූ පුද්ගලයන්ගේ මරණ අනුපාතය 8% දක්වාද ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කර ඇත

  • රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ වශයෙන් ප්‍රවණතාව දෙස අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට වඩා පුරුෂයින් මිය යෑමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගනී. එය ප්‍රතිශතයක් පුරුෂයින් 2.8%ක් හා ස්ත්‍රින් 1.7ක් වශයෙනි.

  • යම් රෝගයක් හේතුවෙන් පීඩා විදිමින් සිටින අතර තුර කෝරෝනා රෝගය ආසාදනය වී මිය ගිය පුද්ගලයින්ගේ ප්‍රවණතා පිළිබද සැළකිලිමත් වීමේදී හෘද රෝග පවතින පුද්ගලයන් මිය යෑමේ ඉහළ ප්‍රතිශතයක් දැකිය හැකි අතර දිය වැඩියාව , නිදන්ගත ශ්වසන රෝග සහ අධි රුධිර පීඩනය පවතින පුද්ගල මරණ සංඛ්‍යාවද තරමක ඉහළ මට්ටමක පවතී.

  • වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇති අවදානම පිළිබදව අවධානය යොමු කිරීමේදී වාර්ථාවට අනුව සෞඛ්‍ය සේවකයින් 3,019 ක් ආසාදනය වී ඇති අතර ඉන් 1,716 ක නි්ත ලෙසම තහවුරු වී ඇත. ඉන් පස් දෙනෙකු පෙබරවාරි 11 වන විට මියගොස් ඇති අතර එය පර්යේෂණයට ඇතුළත් දත්තවල අවසාන දිනය විය.

  • පර්යේෂණ වාර්ථාවට අනුව පෙබරවාරි 11 වන විට රෝගයේ පැතිරී යෑමේ ප්‍රවණතාව පහත වැටී ඇති අතර ජනවාරි 23 සිට 26 දක්වා කාල පරාසය වසංගතයේ ඉහළම බලපෑම සිදුවූ කාල පරාසයයි.

සමස්ත වසංගත වක්‍රයෙහි පහත වැටීමේ ප්‍රවණතාවෙන් අදහස් වන්නේ “සමස්ත නගර හුදකලා කිරීම, තොරතුරු විකාශනය කිරීම (උදා: අත් සේදීම ප්‍රවර්ධනය කිරීම, මුහුණු ආවරණ පැළඳීම සහ රැකවරණය ) මාධ්‍ය ඔස්සේ වැඩි ඉඩකඩක් ලබා දීම සහ බලමුලු ගැන්වීම” ආදී පියවරයන් හේතුවෙන් වසංගතය පැතිරී යෑම පහත වැටීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි