×

ඔබ නොදැන, ඔබට සිදුවන මානසික අපහරණය ගැන ඔබ නොදත් දේ..

''මිනිසුන් මානසිකව අපහරණයට ලක්වීම ඔහුගේ ඇයගේ මුළු ජීවිතයම එහෙම පිටින්ම විනාශ කරයි.හිරිහැරය,ආනාරක්ෂිත හැඟීම,සෙනෙහස අහිමි යැයි හැඟීම,නිහඬ බව රැවුම් ගෙරවුම් , පහත් කොට බැලීම සහ සැළකීම,ආදිය තුළින් මිනිසුන් සාතිශය වේදනාවට ලක්වන බව අනිවාර්යයකි.''


ගැහැණියක, පිරිමියෙකු හෝ කුඩා දරුවෙකු මානසිකව අපහරණය psychological abuse වීම ඔවුන් ශාරීරිකව අපහරණය වීමට වඩා වේදනාබරය, දීර්ඝකාලීනය, බලපෑම්කාරීය. එමෙන්ම මානසික අපහරණය වීම ශාරීරිකව අපහරණය වීම් වලට වඩා සුලභව දැක ගත හැකි සිදුවීමකි. නිවසේදී, පාසලේදී, මහමගදී මෙන්ම කාර්යාලයේදීද ඔබව මානසිකව අපහරණයට ලක්විය හැකි වේ. අන් කිසිවෙක්ම නොතකා හරින අපහරණය වන්නා සහ අපහරණය කරන්නා අතර පමණක් සිදුවන්නක් ලෙස මානසික අපහරණය හැදින්විය හැක. බොහෝවිය ශාරීරික අපහරණයකින් තොර මානසික අපහරණයක් සිදුවිය හැකි වූවද සෑම විටකම ශාරීරිකව අපහරණයට ලක්වන විට එය මානසිකවද යම් අයුකින් ඊට මුහුණ දෙන්නන්ට බලපානු ලබයි.

”මිනිසුන් මානසිකව අපහරණයට ලක්වීම ඔහුගේ ඇයගේ මුළු ජීවිතයම එහෙම පිටින්ම විනාශ කරයි.හිරිහැරය,ආනාරක්ෂිත හැඟීම,සෙනෙහස අහිමි යැයි හැඟීම,නිහඬ බව රැවුම් ගෙරවුම් , පහත් කොට බැලීම සහ සැළකීම,ආදිය තුළින් මිනිසුන් සාතිශය වේදනාවට ලක්වන බව අනිවාර්යයකි.”
                                          María José Rodríguez de Armenta

යමෙක් මානසික අපහරණයට ලක් කරන්නා සෑම විටකම තමන්ගේ වචන , බැල්ම , වල ඇති බලය ගැන හොඳින් දනී . ඉන් අනෙකාව වේදනාවට පත්වන බවද දනී..නමුතු ඔවුන් අනෙකාය එරෙහිව ඒ රැවුම් ගෙවුම් කියුම් යොදා ගනී. ශාරීරිකව සිදු වන අපහරණයන්ට වඩා ප්‍රභල කැළැල් හිත් තුළ ඇති වන්නේය . ඒ නිසාම බොහෝ සැබෑ මිතුරන් නෙවන්නන් උත්සහා ගන්නේ ඔබව සංවේදී ලෙස රිදවන්නටයී එමෙන්ම මානසිකව අපහරණයට ලක්කරන්නටයි.

ඔබේ වචන මා රිදවයි…

වචන .. මානසික අපහරණයේ ප්‍රධානතම ආයුධයයි. හිංසාව ,අවමානය, වේදනාව මේ සියල්ලම ඇති කිරීමේ ප්‍රභල අවිය වචන වේ. කෙනෙක් තව කෙනෙක් රිදවීමට වචන භාවිතයේදී පීඩිතයා මුලින්ම අනෙකා තමන්ට එරෙහි බව වටහා නොගනී. නමුත් තමන්ව මානසිකව අපහණය වන බව ක්‍රමයෙන් ඔහු ඇය වටහා ගනී. සැබවින්ම එය වේදනාවකි.
මෙලෙස අනෙකාව මානසික අපහරණය කිරීමේදී බොහෝ විට උත්සහා ගන්නේ අනෙකාව පාලනය කිරීමයි. තමන්ට අවශ්‍ය ආකාරයට අනෙකාගේ සිතිවිලි හැසිරවීමයි.

ඔබව මානසිකව අපහරණය වන අවස්ථා මෙන්ම එසේ කරන්නන් හඳුනා ගැනීම

  • බොහෝ විට ඔබව මානසිකව අපහරණය සඳහා පෙළඹෙන්නන් සෑම විටම ඔබට අපවාද,අවලාද මෙන්ම අපහාස කිරීම සිදු කරයි, ඔබට දර ගත නොහැකි ලෙස කෑමොර දෙමින් ඔබව පාලනයට උත්සහා ගනී. ඔබව කිසිමකට නැති අයෙකු ලෙස ඔබට සිතෙන පරිදි වචන සහ ස්වරය භාවිත කරයි. තව කෙනෙක් දිගින් දිගටම ඔබට විරුද්ධව එසේ කරන්නේනම් ඔවුන් ඔබව මානසිකව අපහරණයට ලක්කරන බව ඔබ දැනගත යුතුය . එවැන් චරිත හඳුනාගෙන ඔවුන්ව ඔබේ ජීවිතයෙන් ඈත් කළ යුතුය. එසේ ඔබේ අභිමානය නැති කරන්නටඋත්සහා ගැනීම ඔබව මානසිකව කඅපහරණය කිරීමකි.
  • සමහර පුද්ගලයන් ඔබට ඉර්ෂ්‍යාවෙන් ඔබව පීඩනයට පත්කරන අවස්ථා ඔබ හඳුනා ගත යුතුය, ඔබ ඔවුන්ගේ වටිනාම පුද්ගලයින් වන අවස්ථා මෙන්ම තවත් විටක ඔබ කෙරේ ඔවුන්ගේ නොසැලකිල්ලටද විෂයමූලික වෙනවානම් එමගින් සිදු කරන්නේද ඔබව මානසිකව අපහරණය කිරීමකි. මන්ද මෙවැනි දෑ තුළින් ඔබව පීඩනයට ලක්වීම, අවුල්කිරීම මෙන්ම ඔබගේ මානසික නිදහස අහිමි කිරීමක් සිදුවේ.
  • යමෙක් ඔබව ඔබේබ මිතුරන් ගෙන්,ඥාතීන්ගෙන් පවුලේ සාමාජිකයන්ගෙන් ඔබව වෙන් කර තබන්නට උත්සහා ගන්නේනම් ඔහු හෝ ඇය සිදු කරන්නේද ඔබව මානසිකව අපහරණය කිරීමකි. යමෙන් ඔබව රිදවා ඔබේ අකමැත්තෙන් ඔබ වෙනුවෙනන් තීරණ ගන්නේනම් , ඔබේ තීරණවලට දැඩි සේ විරුද්ධ වනවානම් ඔවුන් ඔබව මානසිකව අපහරණය කරති. ඔබ කිසිවෙකුගේ රූකඩයක් බවට පත්වෙමින් සිටිනවාදැයි ඔබ එවිට තේරූම් ගත යුතුය.
  • අනෙකාගේ නොවෙනස් තර්ජන හා ගර්ජන නිතර ඔබව බියට පත්කරනවානම් එහිදීද ඔබ වටහා ගත යුත්තේ ඔබව මානසිකව අපහරණයට ලක් වන බවයි.
  • ඔබට ඔබ වරද කරුවෙකු ලෙස හැඟී යන පරිදි අයෙක් ඔබව සංවේදී ලෙස මුලා කරන්නේනම් එයද ඔබට විරුද්ධව සිදුවන මානසික අපහරණය කිරීමක් බවද ඔබ දැන සිටිය යුතුය. ඔවුන් සියලු වැරදි ඔබ මත පැටවීමට උත්සහා ගනී.

ඔබ ජීවිතයේ කෙදිනක හෝ මෙවැනි පුද්ගලයින් ඇසුරු කරන්නේනනම් , ඔබේ ජීවිතයේ කොටස් නාරයන් කරගෙන සිටීනම්, ඔබ වටා එවැන්නන් සිටින බව හඳුනාගෙන සිටීනම් ඔබ අනිවාර්යෙන්ම මානසිකව අපහරණයට ලක් වූවෙකි.

ඔබව මානසිකව අපරහරණය කරන්නන්ගේ මී ලඟ පියවර විය හැක්කේ ඔබව ශාරීරිකව අපහරණයට ලක්කිරීමකි. එබැවින් ඔබ ඔබ ගැන සැළකිළමත් විය යුතු වන්නේය.
සත්‍ය වන්නේ මෙලෙස අපහරණය වන්නන් හට තමන්න වෙත උදවු කිරීමට කැමැත්ත දක්වන කිසිවක් වෙත ඒ සඳහා අවස්ථාව ලබා දීමට ද ඒ සම්බන්ධව හරිහැටි හඳුනා නොගැනීමයි. බෙහෝ විට පීඩනයට ලක්වන්නා ඊට හුරු වෙමින් එය තමන්ට උරුම දෙයක් ලෙස සළකන්නට හෝ තමන්ට එරෙහිව සිදුවන දෑ අනුමත කරන්නට ස්වභාවයෙන්ම පෙළඹෙන්නේය .

නමුත් එසේ දිගින් දිගටම සිදුවීමෙන් වන්නේ ඔවුන්ගේ සිව අභිමානය ඔවුන්ට අහිමි වී යාමයි.

බෙහෝ විට පීඩනයට පතවන්නන්ට තමන් එසේ මානසිකව පීඩනයට පත් වන බව ඔප්පු කරන්නට හේතු නැති නිසාම එවැනි දෑට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරයි. මෙවැනි හේතූන් නිසා බොහෝ පීඩිතයන් තමන්ව අපහරණයට ලක්කරන්නන්ව ආරක්ෂා කරයි . මෙම තත්ත්වය ස්ටොක්හෝම් සින්ඩ්‍රම් Stockholm Syndrome ලෙස හැඳින්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි