×

ජපානයේ පෙර නොවූ විරූ උෂ්ණත්වයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

උෂ්ණත්වය “ජීවිතයට තර්ජනාත්මක” මට්ටමට ළඟා වී ඇත.


සටහන : සශිකලා මධුෂාණි,
ජුලි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් රටේ ප්‍රාන්ත 47 න් 26 කට තාප ආඝාත අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නම් මිස පිටතට නොයන ලෙසත්, දිවා කාලයේ සහ රාත්‍රියේ වායු සමීකරණ භාවිතා කරන ලෙසත්, ඕනෑ තරම් ජලය පානය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජපානයේ මාධ්‍ය විකාශක NHK ට අනුව, උෂ්ණත්වය “ජීවිතයට තර්ජනාත්මක” මට්ටමට ළඟා වී ඇති අතර ජූනි මස අවසන් සතියේ උණුසුම් ආඝාතය හේතුවෙන් පුද්ගලයින් 2,276 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් අඩකට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ට වැඩි අය බවයි.

එමෙන්ම, කුඩා දරුවන් ද අවදානමට ලක්ව ඇති අතර මෙම මාසයේ පාසල් ගමනක් අතරතුර ළමුන් නව දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කාලගුණය හා සම්බන්ධ අවම වශයෙන් මරණ හතරක් මෑත දිනවල වාර්තා වී ඇති අතර මියගිය සියලුදෙනා වයස අවුරුදු 60 ව ඉහල අය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි