×

මහ වැසි හේතුවෙන් ජපානයේ මිලියනයකට අධික පිරිසක් නිවෙස් වලින් ඉවත් කෙරේ

පසුගිය වසරේ ජූලි මාසය තුළ ද ජපානයේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 200කි


ජපානයේ ක්‍යුෂු දූපතට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් උත්ගත වෙමින් පවතී, මේ හේතුවෙන් එහි මිලියනයකට අධික පිරිසක් සිය වාසස්ථාන වලින් ඉවත් කර ඇතැයි වාර්ථා වේ.

එමෙන්ම කගොෂිමා, කිරිෂිමා සහ අයිරා නගර වල සියළුම වැසියන්ටද සිය නගර වලින් ඉවත්ව යන ලෙස ජපන් රජය අවධාරණය කර ඇත. කියුෂු දූපත මේ වන විටත් මිලි මීටර් 1000ක වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින අතර පසුගිය සිකුරාදා දින සිට අඛණ්ඩව මෙසේ වැසි ඇද හැළීඹ නිසා ගංවතුර තත්ත්වයක් උත්ගත වෙමින් පවතී,

පසුගිය වසරේ ජූලි මස ද බටහිර ජපානයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් 200ක් දෙනා ජීවිතක්ෂයට පත් වූ බව අනාවරණය වේ. 1982 වසරෙන් පසු මෙතරම් අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතින්නේ මෙම වසරේදී බව මාධ්‍ය වාර්ථා කරයි.
අධික හදිසි උපකාර සේවාවන් සදහා සේවකයන් 70000කට අධික පිරිසක් සේවයේ යොදවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි