×

යුක්රේනයේ දරුණු හෙලිකොප්ටර් අනතුරක් – අභ්‍යන්තර කටයුතු ඇමති ඇතුළු 16 දෙනෙකු මරුට!

මෙම හෙලිකොප්ටරය යුක්රේන රජයේ හදිසි සේවා අංශයට අයත් එකක් බවයි පැවසෙන්නේ.


යුක්රේනයේ මීට සුළු මොහොතකට පෙර ගුවනේ ගමන්ගත් හෙල්කොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම හෙලිකොප්ටරය කඩා වැටී තිබෙන්නේ කිව් අගනුවර නැගෙනහිර නාගරික කලාපයේ ළදරු පාසලක් අසළය.

මිය ගිය පිරිස අතර, යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ඔහුගේ පළමු නියෝජ්‍ය අමාත්‍යවරයා, සහ රාජ්‍ය ලේකම්වරයා ද සිටින බව සඳහන්.

අමාත්‍යවරයා ද ඇතුළුව හෙලිකොප්ටරයේ ගමන් ගත් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිය ගිය පිරිස අතර දරුවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මෙම හෙලිකොප්ටරය යුක්රේන රජයේ හදිසි සේවා අංශයට අයත් එකක් බවයි පැවසෙන්නේ.

හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ ළදරු පාසලේ ගොඩනැගිල්ල විනාශ වී ඇති අතර, දරුවන් සහ ගුරුවරුන් ඇතුළු කාර්යමණ්ඩලය එම සථානයෙන් වහා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

අනතුරින් තුවාල ලබා මේ වන විට රෝහල්ගත කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 22 කු වන අතර, ඒ අතර, දරුවන් 10 දෙනෙකු ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඡායාරූප: බීබීසී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි