×

බෝයිං (Boeing 737 Max 8) ට මොකක්ද මේ වෙන්න යන්නේ?

රටවල් 50ක් විසින් Boeing 737 Max 8 ගුවන් ගමන් තාවකාලිකව හෝ නතර කරන ලදී.


මීට දින 4කට පෙර සිදු වූ ඉතියෝපියානු ගුවන් අනතුරත් සමග තම රටවල් විසින් Boeing 737 Max 8 ගුවන් යානා භාවිතා කරනවාදැයි යන්න පිළිබදව ලෝකයේම අවධානය යොමු විය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් පවා මේ පිළබදව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ තම රට සතුව තිබූ Boeing 737 Max 8 ගුවන් යානා 9ක් හැකි ඉක්මණින් ගුවන් ගමන් නතර කළ බවය. ඒ පසුගිය මාස 6ක කාලය තුළ මෙම වර්ගයේ ගුවන් යානා 2ක් අනතුරට ලක්වීම හේතු කොටගෙනය.

මේත් සමග ලෝකයේ තවත් රටවල් 50ක් විසින් Boeing 737 Max 8 යානා භාවිතය තාවකාලිකව නවතා හෝ භාවිතය අත්හිටුවා ඇත. මින් පෙර අහසේ කොතැනක හෝ සැරි සැරූ බෝයිං යානා මේ වන විට දැක ගැනීමට නොහැකි තරමට මෙම වර්ගයේ යානා ගුවන් ගත කිරීමට පෙර රට වල් විසින් දෙවරක් සිතන්නට පටන්ගෙන ඇත.


මේ සම්බන්ධව බෝයිං සමාගම පවසන්නේ මෝ මොහොතේ ලෝකය පුරා ඇතිව පවතින තාවකාලික කම්පනය නිසා සිය සමාගම වේගයෙන් පහතට වැටෙමින් තිබෙන බවයි. නමත් Boeing 737 Max 8 වර්ගයේ යානා තාවකාලිකව නතර කර තැබීම තම නිර්දේශයද බව ඔවුන් පවසයි. අද උදෑසන පසුගියදා අනතුරට පත් ඉතියෝපියානු ගවන් යානයේ කළු පෙට්ටිය පරීක්ෂණ සදහා පැරීසිය කරා ළගා විය.

Boeing 737 Max 8 යානා තහනම් කළ රටවල් මොනවාද?

උද්ගත වූ තත්ත්වයද සමග බෝයිං සමාගම විසින්ම Boeing 737 Maxවර්ගයේ යානා ගුවන් ගත කිරීම නතර කරන ලෙස තාවකාලිකව සුදුසු බවට පැවසුවද . රටවල් රැසක් විසින් මෙහා වගකීම සියතට ගනිමින් Boeing 737 Max යානා භාවිතය අත්හිටුවන්නට පියවර ගන්නා ලදී.

ගුවන් අනතුර සිදු වූ වහ වහාම චීනය, කොරියාව ඇතුළු රටවල් රැසක් ගුවන් ගත කිරීමට නියමිතව තිබූ ගුවන් යානා පවා ගුවන් ගමන් නතර කරන ලදී, එම රටවල් අතර මෙක්සිකෝව, පැනමාව, තායිලන්තය යන රටවල් ද ප්‍රකාශ කලේ තමන් විසින් Boeing 737 Max යානා තාවකාලිකව තහනම් කරන බවයි. චීන ගුවන් සේවා Boeing 737 Max -8 වර්ගයේ ගුවන් යානා 60 ක් පමණ භාවිත කරන ලද අතර ඒ සියල්ලෙහිම ගුවන් ගමන් නතර කරන ලදී,

කෙසේ වෙතත් මේතු සමග සම්පූර්ණයෙන්ම රටවල් 50ක් සිය Boeing 737 Max 8 වර්ගයේ යානා ගුවන් ගත කිරීම් නතර කර හෝ අත්හිටුවීම් සිදු කර ඇත.

Boeing 737 Max 8 යානා වෙළදපළ වටිනාකම සීග්‍රයෙන් පහත බසී.

මේ සිදුවීම්ද සමග ලෝක වෙළදපළ තුළ Boeing 737 Max 8 යානා සදහා වෙළදපල වටිනාකම ඩෝලර් මිලියන 25ටත් වඩා වැඩි මිලකින් පහත බැස්සේය. ඇමරිකානු ජනපතිවරයාගේ ප්‍රකාශයද සමග බෝයිං සදහා වෙළදපල කොටස් මිලදී ගැනීම් සියයට 3%කින් පහළ බසින් ලද අතර ඉතියෝපියානු ගුවන් අනතුරු සමගින් එය සියයට 10%කින් පහත වැටුණි.

කෙසේ වෙතත් මේ වන විට පැරීසිය වෙත ලගා වී ඇති අනතුරට පත් ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය ගැන පරීක්ෂණ වාර්තා ඉතා ඉක්මණින් ප්‍රකාශ වනු ඇත . ලෝකයේ රටවල් සියල්ල ඒ දෙස බලා සිටින්නේ තම තීරණ තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු දැයි යන්න දෙස අවධානය යොමු කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි