×

සියළු ඇමරිකානු කඳවුරු ඉලක්ක බවට හිස්බුල්ලා නායකගෙන් අනතුරු ඇඟවීම්

අපේ කලාපයේ වර්තමාන කැලඹිලි තත්වයට හේතුව එක්සත් ජනපදයේ දූෂිත පැවැත්මයි. ඔවුන් හා ඔවුන්ගේ සහචරයින් මෙයට වග කිව යුතුයි. මෙයට තිබෙන එකම විකල්පය කලාපය තුළ සහයෝගීතාවය යළි ගොඩ නැඟීමයි.


ඉරාන පිටුබලය ලැබෙන්නේ යැයි පැවසෙන හිස්බුල්ලා කණ්ඩායම් වල නායක විසින් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

එම ප්‍රකාශයේ දැක්වෙන්නේ සියළු ඇමරිකානු කඳවුරු සිය ඉලක්ක වනු ඇති බවයි.

මෑතකදී ඉරානය විසින් ඉරාකයේ අල්-අසාඩ් කඳවුරට දියත් කළ ප්‍රහාරය උපුටා දක්වමින් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාහ් විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදී.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ සජීවී රූපවාහිනී වැඩසටහනක ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිස්බුල්ලා නායක ප්‍රකාශ කර සිටියේ ඉරානය ඇමරිකානු තානාපති කාර්යාල වලට බෝම්බ දැමීමට සැලසුම් කළේ යැයි ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බවයි.

සොලෙයිමානි කිසිවිටක ඇමරිකානු තානාපති කාර්යාල වලට බෝම්බ දැමීමට සැලසුම් නොකළ බවත්, ට්‍රම්ප් ව්‍යාජ ප්‍රකාශ තුළින් ඇමරිකානුවන් මුලා කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් ඇමරිකාව ප්‍රතිචාර දක්වා ඇති අයුරු අනුව දැන් එයම සිදුවනු ඇති බවද හිස්බුල්ලා නායක සඳහන් කළේය.

ඉරාකයේ අල්-අසාද් කඳවුරට එල්ල කළ ප්‍රහාරය කම්මුල් පහරක් බවත්, එය ගැටුමට ඉදිරිපත් කළ විසඳුම නොවන බවත් නස්ර්ල්ලාහ් අදහස් දැක්වීය.

(Photo by ATTA KENARE / AFP) (Photo by ATTA KENARE/AFP via Getty Images)

සිය අදහස් දැක්වීම තුළ පසුගිය දින ඇමරිකානු හමුදා විසින් ඝාතනයට පත් කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි සිහිපත් කරමින් ඔහුගේ කාර්යභාරය ඇගයීමට ද හිස්බුල්ලා නායක අමතක නොකළේය.

මේ අතර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ.

එහි දැක්වෙන්නේ මැදපෙරදිග හටගෙන තිබෙන උණුසුම්කාරී වාතාවරණයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බවයි.

ඇමරිකාව ක්‍රියාකළ අන්දම මත මැද පෙරදිග රටවල් අතර පැවති සාමකාමී තත්ත්වය මුළුමනින්ම විනාශ වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව කලාපයේ රටවල් අතර සාම සාකච්ඡා කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු පවසා තිබේ.

අපේ කලාපයේ වර්තමාන කැලඹිලි තත්වයට හේතුව එක්සත් ජනපදයේ දූෂිත පැවැත්මයි.
ඔවුන් හා ඔවුන්ගේ සහචරයින් මෙයට වග කිව යුතුයි.
මෙයට තිබෙන එකම විකල්පය කලාපය තුළ සහයෝගීතාවය යළි ගොඩ නැඟීමයි.

කමේනි ගේ ප්‍රකාශයේ දැක්වූයේ එවැන්නකි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි