×

ඉම්රාන් ඛාන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට මහාධිකරණ නියෝග

පසුගිය අගොස්තු මස 20වන දින ඉස්ලාමාබාද්හි පැවති මහජන රැලියකදී කාන්තා විනිසුරුවරියකට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙලෙස ත්‍රස්තවාදී චෝදනාවන් එල්ල විය.


පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර තිබූ ත්‍රස්තවාදී චෝදනාවන් ඉවත් කරන ලෙස ඉස්ලාමාබාද් මහාධිකරණය අද (19)දින නියෝග කර තිබේ.

පසුගිය අගොස්තු මස 20වන දින ඉස්ලාමාබාද්හි පැවති මහජන රැලියකදී කාන්තා විනිසුරුවරියකට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙලෙස ත්‍රස්තවාදී චෝදනාවන් එල්ල විය.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරු ආතර් මිනාල්ලා ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නඩුව විභාග කරන ලද අතර, ඛාන්ට දැනටමත් සැප්තැම්බර් 20 දක්වා අතුරු ඇප ලබා දී තිබුණි. මෙහිදී අභිචෝදක රාජා රිස්වාන් අබ්බාසි අධිකරණයට පැවසා තිබුණේ ඛාන් ගේ ප්‍රකාශ “තර්ජනාත්මක” බව පොලිස් පරීක්‍ෂණයෙන් පෙනී ගිය හෙයින් විරුද්ධ දේශපාලනඥයාට ත්‍රස්තවාදී චෝදනා අදාළ වන බවයි. විත්තියේ නීතිඥ සල්මන් සෆ්දාර් මෙහිදී තර්ක කළේ ඛාන්ගේ ප්‍රකාශ කාන්තා විනිසුරුවරියට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පමණක් බවයි.

අවසානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය ම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර තිබූ ත්‍රස්තවාදී චෝදනාවන් ඉවත් කරන ලෙස නියෝග කරන ලදි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව මේ වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉවත් කළ දා සිට ඔහු රට පුරා මහජන රැස්වීම් පවත්වමින්, නැවත මැතිවරණ ඉල්ලා සිටියි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :
https://outboundtoday.com/former-pakistan-pm-imran-khan/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි