×

හිට්ලර් විසින් අඳින ලද සිතුවම් වෙන්දේසි නොවී නතර වෙයි

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් චිත්‍ර ශිල්පියෙකු බවට මතයක් තිබේ. කෙසේ නමුත් හිට්ලර් විසින් අඳින ලද බව පවසන සිතුවම් ඇතුළු කලා නිර්මාණ පෙළක් පසුගියදා ජර්මනියේ නියුරම්බර්ග් නුවරදී වෙන්දේසි කිරීමට උත්සාහ ගැනුණු අතර, එම උත්සාහය අසාර්ථක විය.


ඒවා වෙන්දේසි නොවීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් විය.

  1. මිල ගණන් ඉතා අධික වීම
  2. ඒවා ව්‍යාජ නිර්මාණ (ෆේක්) බවට සැක පළ වීම

මෙම චිත්‍රවල මිල තැබීම ආරම්භ වූයේ පවුම් 19,000 සිට පවුම් 45,000 අතර දක්වා මිලකට ය. එය දළ වශයෙන් ඇ.ඩොලර් 21,000 – 50,000 අතර වේ. පුද්ගලයන් 23 දෙනෙකු විසින් තමන් සතුව තිබූ මේ ‘හිට්ලර්ගේ කලා නිර්මාණ‘ වෙන්දේසිය සඳහා ලබා දී තිබිණි.

 හිට්ලර්ගේ යැයි කියන දිය සායම් අත්සන The signature on a watercolour purportedly made by Adolf Hitler, which went on sale in Nuremberg.
Photograph: Daniel Karmann/AFP/Getty Images
හිට්ලර්ගේ යැයි කියන දිය සායම් අත්සන
Photograph: Daniel Karmann/AFP/Getty Images

ඇතැම් සිතුවමක ඇඩොල්ෆ් හිට්ලර් විසින් යොදන ලද බව පැවසෙන දිය සායම් අත්සනක් ද දැකගත හැකි විය. කඳුකරයේ සිතුවම, ස්වස්තික ලකුණ සහිත ඇඳි පුටුවක සිතුවමක් ද මේ අතර වේ. මෙම ඇඳි පුටුව ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කළ එකක් බව සලකයි.

හිට්ලර්ගේ ‘කුරිරු පුටුව‘ (ස්වස්තික ලාංඡනය සමග) A wicker armchair bearing a swastika and presumed to have belonged to Adolf Hitler was also part of the auction on Saturday.
Photograph: Daniel Karmann/AFP/Getty Images
හිට්ලර්ගේ ‘කුරිරු පුටුව‘ (ස්වස්තික ලාංඡනය සමග) Photograph: Daniel Karmann/AFP/Getty Images

මෙම වෙන්දේසිය සූදානම් කළ වෙයිල්ඩර් සමාගම, එය අසාර්ථක වීම ගැන අදහස් පළ කිරීමෙන් වැළකී සිටියේය. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ, ඒවා මතු දිනෙක නැවත වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔවුන් විසින් වෙන්දේසිය පැවැත්වීම සඳහා නියුරම්බර්ග් නගරයම තෝරාගැනීම ද විශේෂිත ය. දෙවන ලෝක යුද්ධය අවසානයේ 1945 වසරේදී නාසි යුධ අපරාධකරුවන් යුධ අපරාධ අධිකරණය වෙතට පැමිණවූයේ නියුරම්බර්ග් නගරයේදී ය. එම නඩු විභාගය ‘නියුරම්බර්ග් නඩුව‘ ලෙස ලෝක ප්‍රසිද්ධ ය. එවැනි තැනකදීම හිට්ලර් විසින් සහ හිට්ලර් පිළිබඳව සිදුකළ නිර්මාණ සඳහා ‘විශේෂ සේල්‘ එකක් පැවැත්වීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ. නියුරම්බර්ග් නගරාධිපතිවරයා ද මෙම වෙන්දේසිය විවේචනය කර තිබිණි.

මේ අතර, මෙම වෙන්දේසිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී ව්‍යාජ කලාකෘති යැයි සැක කරන ලද කලා නිර්මාණ කිහිපයක් නීතියේ රැහැනට හසුවූ බව ට ද වාර්තා තිබේ. ඒ අනුව ඒවා වහාම වෙන්දේසි භූමියෙන් ඉවත් කරනු ලැබීය. ඉතිරි කලාකෘති සම්බන්ධයෙන් පවා විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතුවීමට මේ කාරණය හේතු විය.

හිට්ලර් ඇත්තටම චිත්‍ර ඇන්දාද?

Photograph: Daniel Karmann/AFP/Getty Images
Photograph: Daniel Karmann/AFP/Getty Images

ඇඩොල්ෆ් හිට්ලර් චිත්‍ර ශිල්පියෙකු බව සැබෑවකි. ඔහු, තමන් උපන් ඔස්ට්‍රියාවේ සිටියදී කලාකරුවෙකු හෝ චිත්‍රශිල්පියෙකු ලෙස ජීවිකාව කරමින් චිත්‍ර ඇඳීම හරහා මුදල් ඉපැයූ බව ද නොරහසකි. මියුනික් හි කලා ඉතිහාසය පිළිබඳ මධ්‍යම ආයතනයේ ස්ටීවන් කින්ගන්ට අනුව හිට්ලර්ගේ චිත්‍ර කලාව ‘මධ්‍යස්ථ ලෙස බලාපොරොත්තු තැබිය හැකි ආධුනික ගති ලක්ෂණ‘වලින් (“a moderately ambitious amateur”) යුක්ත ය. නමුත් ඒවා ඒ කාලපරිච්ඡේදයේ ඇඳුණු ‘සිය දහස් ගණනක්‘ වූ සමාන්තර චිත්‍ර නිර්මාණ සමග එක පෙළට තැබීමට තරම් ප්‍රබල නොවේ. ඒවායේ අව්‍යාජත්වය සම්බන්ධයෙන් ඒ නිසා විශාල අගය කිරීමක් සිදුකළ නොහැක.

නමුත් ජර්මනියේ නාසි අතීතය උත්කර්ෂයට නංවන්නන් විසින් හිට්ලර් විසින් අඳින ලදැයි කියන සිතුවම්වලට පමණක් නොව හිට්ලර්ගේ දත් බුරුසුවකට පවා අසාමාන්‍ය වටිනාකමක් ආදේශ කරනු ලැබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි