×

හොංකොං ගුවන්තොටුපළ අසල විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්!

ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් අඩාල වන අන්දමින් හැසිරෙන විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝග ලැබී තිබේ.


පසුගිය දිනක හොංකොං පොලිස් නිලධාරීන් සමඟ ඇතිවූ කලහකාරී තත්ත්වයට හා රජයට විරෝධය පාමින් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් අඩාල වන අන්දමින් හැසිරෙන විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා හොංකොං ගුවන්තොටුපළ අධිකාරිය අධිකරණය හමුවේ ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව එම විරෝධතාකරුවන් ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට නියෝග ලැබී තිබේ.

පසුගිය බදාදා (14) දින ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඉතිරිව සිටියේ විරෝධතාකරුවන් 20 – 30 ක් තරම් වූ සුළු සංඛ්‍යාවකි. 

ඒ වන විට ගුවන්ගමන් 90ක් පමණ අවලංගු කර තිබූ අතර, ඇතුලත් කර ගැනීමේ කවුන්ටර අසල සේවාවන් දිගටම පැවැත්වෙනු දක්නට ලැබූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ගුවන්තොටුපළ අධිකාරිය පවසා සිටියේ, පසුගිය දින වූ එම සිදුවීමට විරෝධය පාමින් විරෝධතාකරුවන් ගුවන්තොටුපළ තුළ (විශේෂයෙන් පළමු පර්යාන්තයේ විවිධ කලාප වල) හා ඉන් පිටත රැඳී සිටීම හෝ එක් රැස් වීම තහනම් කිරීමට අධිකරණය කටයුතු කර ඇති බවයි.

හොංකොං හි වේලාවෙන් පස්වරු 2 ට පමණ නිකුත් වූ නිවේදනයක් අනුව ජනතාව ගුවන්තොටුපළ පරිශ්‍රෙයන් ඉවත් කිරීම මෙසේ සිදුවූ අතර, පළමු හා දෙවන පර්යන්තයන් හි ලෝහ බාධක සවිකර තිබෙනු දක්නට ලැබිණ. 

එම නිවේදනයට අනුව, ගුවන්තොටුපළ ට ඇතුළු වීමට අවසර තිබෙන්නේ ටිකට්පත් හා ගුවන්ගමන් සඳහා අවසර පත්‍ර ඇති පුද්ගලයන් හට පමණකි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි