×

නිමා නොවන විරෝධතා මැද හොංකොං පාර්ලිමේන්තු ව්‍යවස්ථා සැසිවාරය කල් දමයි!

චීන-විරෝධී අරගලයට සහය පළකරන නීති සම්පාදකයින් ගේ විරෝධතාව මධ්‍යයේ ව්‍යවස්ථා සැසිවාරය පැවැත්වීම කල් දමා තිබේ.


අද (17) දින හොංකොං පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සැසිවාරය කල් දැමීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම නගරයේ දියත් වූ අරගලයට සහය පළකරන නීති සම්පාදකයින් නායක කැරී ලැම් හට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසාවෙනි.

හොංකොං නායිකා කැරී ලැම් වෙත එම නගරයේ ජනතාව ඇතුළු දේශපාලන පක්ෂ පවා දිගින් දිගටම විරෝධතාවය එල්ල කිරීම නිසා අද දින පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සභා රැස්වීමට ඈ පැමිණ සිටියේ ආරක්ෂක නිලධාරීන් ද සමඟ යි.

හොංකොං නගරයේ මාස හතරකට අධික කාලයක් පුරා චීන රජයට විරෝධය පාමින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දියත් වන විරෝධතා හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා මධ්‍යයේ එම නගරයේ දැවෙන ගැටළුවක් වන ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසම්පාදනය කිරීමේ අරමුණින් වාර්ශික ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමට නායිකා කැරී ලැම් සූදානම් ව සිටි අතර, ඒ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඈ පවසා සිටියේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට හැකි ඕනෑම පියවරක් ගැනීමට තම පරිපාලනය සූදානම් බවයි.

කෙසේ වෙතත්, චීන පාලිත හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී නීති සම්පාදකයින් ගේ ද බලපෑම හේතු කොට ගෙන පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සැසිවාරය ද පැවැත්වීමට නොහැකි වූ හෙයින් මෙම වාර්ශික ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමට ලැම් ට සිදුවූයේ වීඩියෝපටයක් හරහා ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි