×

හොංකොං විරෝධතා වලට සහය දුන් ජොෂුවාට ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ වැදීම තහනම්! 

ප්‍රාදේශීය සභා මැතිවරණයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ එකම අපේක්ෂක තමා බව ජොෂුවා පවසයි.


හොංකොං තුළ මතුව පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහය පළකරන ප්‍රමුඛ පෙළේ ක්‍රියාකරුවකු වන ජොෂුවා වොන්ග් හට ඉදිරි නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය දිස්ත්‍රික් සභා මැතිවරණයට තරඟ වැදීම තහනම් කොට තිබේ.

වොන්ග් අද (29) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය දිස්ත්‍රික් සභා මැතිවරණයට තරඟ කිරීම තහනමට ලක්වූ එකම අපේක්ෂකයා තමා බවයි.  

චීන පාලිත හොංකොං නගරයේ මැතිවරණ කටයුතු කොමිසම නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ වොන්ග් ඉදිරිපත් කළ නාම යෝජනා නිවරද්‍ය නොවන බවයි. මීට අමතරව ජොෂුවා වොන්ග් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීම මැතිවරණ නීති වලට පටහැනි බැවින් ඔහුගේ නාමයෝජනා අවලංගු වන බවට හොංකොං රජය ප්‍රකාශ කරන ලදී.

හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දියත් වන අරගලයේ ප්‍රමුඛ චරිතයක් වන ජොෂුවා වොන්ග් අරගල දියත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ද පත්ව තිබේ.

කෙසේවෙතත්, හොංකොං නගරයේ මාස 4 ක කාලයක් පුරා දියත් වන විරෝධතා රැල්ල නිමාවීමක් දක්නට නොලැබෙන අතර, සති අන්ත දිනයන් වල විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා හැලහැප්පීම් පසුගිය දින තුළ වාර්තා වී තිබිණි. මීට අමතරව, හොංකොං නායිකා කැරී ලැම් ද බරපතල අර්බුදයකට මුහුණ පා සිටින්නේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ද ඇතැම් නීති සම්පාදකයින් ගේ විරෝධතාව ඈ ඇතුළු පරිපාලනය වෙත එල්ල වී තිබීම නිසයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි