×

හොංකොං නගරයේ නත්තල් රාත්‍රියත් උණුසුම් වෙයි ද?

මේ අතර, හොංකොං සිවිල් ක්‍රියාකාරීන් විසින් 2020 නව වසර උදාවීමට සමගාමීව පෙළපාලීන් රැසක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි. 


හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ විරෝධතාකරුවන් නත්තල් දින සනද්‍යාවේ (නත්තලට පෙර දින සනද්‍යාව) නිහඬ විරෝධතාවයක් දියත් කිරීමට සූදානම් බවට වාර්තා වෙයි.

ඒ අනුව සයිලන්ට් නයිට් තේමාවෙන් යුතුව හොංකොං නගරයේ සාප්පු සංකීර්ණ අසල පෙළ ගැසී නිහඬ විරෝධතාවක නිරත වීමට ඔවුන් තීරණය කොට තිබේ.

කෙසේ වෙතත් මේ වන විටත් රාජ්‍ය විරොධී උද්ඝෝෂණ දියත් කිරීමට එරෙහිව පොලිසියෙන් අනතුරු ඇඟවීම් රාශියක් ම සිදු කොට තිබේ.

නත්තල් දින සනද්‍යාවට හොංකොං නගරයේ ට්සිම් ෂා ට්සුයි ප්‍රදේශයේ විශාල පිරිසක් ඒකරාශී වීම සිදුවේ.

ඒ ආලෝකමත් නත්තල් පහන් නැරඹීම සඳහා ය.

පොලිසිය අවධාරණය කර තිබුණේ මෙවර ට්සිම් ෂා ට්සුයි ප්‍රදේශයේ මාර්ග වසා දැමීමක් සිදු නොවන බවයි.

එබැවින්, ප්‍රදේශය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද පොලිසිය අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ විරොධතාකරුවන් හොංකොංහි වර්තමාන රජය ට විරෝධතාව පළ කිරීම සඳහා නත්තල් දින සනද්‍යාව යොදා ගැනීම තුළ කුමන අන්දමේ තත්ත්වයක් ඇතිවේ ද යන්න ඉදිරියේදී හෙලි වනු ඇත.

මේ අතර, හොංකොං සිවිල් ක්‍රියාකාරීන් විසින් 2020 නව වසර උදාවීමට සමගාමීව පෙළපාලීන් රැසක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි