×

චීනයට එරෙහි ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට හොංකොං ක්‍රියාකාරීන් සූදානමක!

මෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් නිදහස හා ස්වාධීනත්වයේ අරගලය සදාකාලිකව පවතිනු ඇත යන පණිවුඩය චීන රජයට ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.


හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් වදින චීන විරෝධී ක්‍රියාකාරීන් නිලනොවන ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

මෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් නිදහස හා ස්වාධීනත්වයේ අරගලය සදාකාලිකව පවතිනු ඇත යන පණිවුඩය චීන රජයට ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

හොංකොං නගරයේ ක්‍රියාකාරී සයිමන් චෙන්ග් ට අනුව මෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් තම නිදහස විනාශ කර දැමිය නොහැකිය යන පණිවුඩය චීනය වෙත ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

මෙම සැලැස්ම සඳහා හොංකොං නගරයේ සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය සහාය පළකරන සියලු පුද්ගලයන් ඒකරාශී කර ගැනීමට නියමිතය.

ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීම තුල ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ට නිසි තක්සේරුවක් ඇතිවනු ඇති බවත්, පැහැදිලි හඬක් ලැබෙනු ඇති බවත් චෙන්ග් වැඩිදුරටත් පැවසීය.

පසුගිය දින චීන රජය විසින් හොංකොං නගරයේ නව ආරක්ෂක නීති සම්පාදනය කිරීමට කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මිලියන ගණනක් වූ හොංකොං වැසියන් හට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබාදීමට එකඟ විය.

එමෙන්ම චීන රජය පැනවූ ආරක්ෂක නීති වලට ප්‍රතිචාර වචයෙන් එක්සත් ජනපදය ද එරට නිෂ්පාදිත අධි තාක්ෂණික අවිආයුධ හොංකොං නගරයට අපනයනය කිරීම අත්හිටුවන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි