×

චීනය පුරා පැතිර යන HMPV වෛරසය!

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් සහ තවත් වෛරස කිහිපයක් චීනය තුළ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය හෙලි කරයි.


රෂිකා හෙන්නායක , ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් සහ තවත් වෛරස කිහිපයක් චීනය තුළ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය හෙලි කරයි.

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු මේ තත්ත්වය පෙන්නුම් කරන අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බවද කියයි. තවද, ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ.වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන් වන අතර, මේ අනුව චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි