×

ජර්මණිය රන් වෙද්දි,රන් රිදි වි රිදී ලෝකඩ වේ

මෙවර හොකී ලෝක කුසලාන අවසන් තරගයේ ජය හිමි වූයේ ජර්මණියට ය.


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ දක්ෂයන් සෙවීමේ අවසාන තරගයක් වූ මෙවර හොකී ලෝක කුසලාන අවසන් තරගයේ ජය හිමි වූයේ ජර්මණියට ය.සමස්ත තරග කාලය නිමා වන විට ලකුණු 3 – 3 ක් සේ සිටි බැවින් නිදහස් පහර සඳහා යොමු වූ මොහොතේදී ජර්මණිය තියුණු සටනක නියැලී 5 – 4ක් ලෙස හිටපු ලේක සූරයන්ගෙන් රන් පදක්කම සමඟ කුසලානය උදුරා ගත්තේය.

ජර්මණිය මෙවර හොකී ලෝක සූරතාවයට හිමිකම් කියන්නේ තෙවන වතාවටය.මීට පෙර 2002 වසරවලසහ 2006 වසරවලද ලෝක සූරතාවය දිනා ඇති ජර්මණිය මෙවර එම සූරතාවයට අත තබන්නේ වසර 17 ට පසුවය.2006 දී ද තරගාවලිය ආසියාතික රටක් වූ මැලේසියාවේදී පැවති අතර එහිදී ටීමෝ වෙෂ් ගේ නායකත්වයෙන් යුත් ජර්මණිය කුසලානයට හිමිකම් කියන අතර මෙවර ජර්මණියට එය දිනා දිම වෙනුවෙන් නායකත්වය දැක් වුවේ,මැට් ක්රැම්බෂ්ච්ය.
බෙල්ජියම සූරතාවය දිනා ත් මීට පෙර තරගාවලියේදී රිදී පදක්කම හිමි වූ නෙදර්ලන්තයට මෙවර ලෝකඩ පදක්කම දක්වා පහත බසින්නට සිඳු වූ අතර රන් පදක්කම දිනා ගත් බෙල්ජියමට රිදී පදක්කමෙන් සෑහෙන්නට සිඳු විය.රන්,රිදී සහ ලෝකඩ යන පදක්කම් තුනටම හිමිකම් නොකී ජර්මාණු ප්‍රවේශය නිසා ඉකුත් වසරේ ලෝකඩ පදක්කම දිනූ ඒස්ට්‍රේලියාවට සිව්වන තැනට පත් වෙන්නට සිඳු විය.එසේ නොවන්නට අවසාන කණ්ඩායම් හතරේ පෙර පැවති ලෝක සූරතාවලියේ පළමු,දෙවන සහ තෙවන තැන දිනූ කණ්ඩායම් තමන්ගේ උපරිමයෙන් ගෙවුණු වසරවල ක්‍රියා කර සිය සුපිරි බව රැකගෙන සිටින බව පැහැදිළි කර ගන්නට හැකි විය.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේදී නෙදර්ලන්තය 3 – 1ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කළ අතර ඕසට්‍රේලියාව රැස් කළ එකම ගෝලයට හිමිකම් කී ජෙරමි හේවර්ඩ් තරගාවලියේ වැඩිම ගෝලලාභියා සේ ගෝල නවයක් එකතු කරගෙන තිබිණ.තරග 43 ක් දී ගෝල 243 ක් එකතු වී තිබූ මෙවර හොකී ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය දැරූ ඉන්දියාව තරගාවලිය නිමා කළේ ආර්ජෙන්ටිනාව සමඟ සම නවවන තැන ලබමින්ය.

අවසාන මොහොතේදී ජයග්‍රහණය තීරණය කිරීම සඳහා නිදහස් පහරවලට පිවිසි මොහොතේ එම තීරණය වෙනුවෙන් උත්සාහයන් හතක් සළකා බැලිමට සිඳු විය.ලකුණු 5 – 4 ක් ලෙස ජයග්‍රහණය තීරණය වූයේ එතැනදීය.නමුත් ඊළඟ ලෝක කුසලානයේදී ජර්මණියට පහසු නොවනු ඇත.ඔවුන්ට එහිදී රත්තරන් වටිනාකම රැක ගන්නට වෙන්නේ මෙවර රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම ලැබූ බෙල්ජියමෙන් සහ නෙදර්ලන්තයෙන් ය.මන්ද සත්කාරකත්වය දරන්නේ ඔවුන්ය.ඔවුන් අනුන්ට පැණි ගන්නට වදය කඩා දෙනු ඇතැයි සිතන්නට අපහසුය.

RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි