×

හිම වලසුන් අතර සැඟවුණු සුනඛයා සොයා ගත්තාද? (Holiday Puzzle)

ඊයේ දිනයේ අවුට්බවුන්ඩ් ටුඩේ ෆේස්බුක් පිටුව හරහා අප පළ කළ ප්‍රහේලිකාවෙන් ඉදිරිපත් කළ අභියෝගය වූයේ, ධ්‍රැව වලසුන් සිය ගණනක් අතර සැඟවී සිටින සුනඛයෙකු සොයා ගන්නා ලෙස ය.


‘හොලිඩේ පසල්‘ එකක් ලෙස මේ දිනවල අන්තර්ජාලයේ වයිරල් වෙමින් යන මේ ප්‍රහේලිකාව නිර්මාණය කර තිබුණේ, Canine Cottage සමාගම විසිනි.

ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව පියරේ නමැති සුනඛයා උත්තර ධ්‍රැවයට යන්නේ Santa Paws නොහොත් මේ දිනවල නත්තල් සීයාගේ තොප්පි පැළඳගෙන සිටිනා හිම වලසුන් දකින්නට සහ අලුත් යහළුවන් සොයා ගන්නට ය. නමුත් සිය ගණනක් වූ හිම වලසුන් අතරේ පියරේ මං මුළා වෙයි.

සාමාන්‍ය පුද්ගලයෙකුට මිනිත්තු 3ක් පමණ මෙහිදී සුනඛයා සොයාගැනීමට වැය වේ. ඊට වඩා අඩු කාලයකදී සුනඛයා සොයාගන්නට හැකි වුණා නම් ඔබ ඇත්තටම දක්ෂයෙකි.

මේ අතර අපේ ෆේස්බුක් පිටුව හරහා ඇතැමුන් ප්‍රශ්න කර තිබුණේ, ඇත්තටම මෙහි සුනඛයෙක් සිටිනවාද යනුවෙනි. ඒ අනුව සමහරුන්ට සුනඛයා හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ද පෙනේ.

කෙසේ නමුත් පහත දැක්වෙන්නේ එයට පිළිතුරයි. හොඳින් බලන්න. ඇත්තටම මෙහි සුනඛයෙක් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි