×

හොලිවුඩය ද මොනවුඩය ද අදාල නැති මිනිසා!

හොලිවුඩ් වැනි ලෝකප්‍රසිද්ධ නගරයක් මැද ලී නිවසක් ඉඳි කළ ඔහුට නම් තැනෙහි කිසිම අදාලත්වයක් නැත.


හොලිවුඩ් පදික වේදිකාවක ලී ගෙදරක්? මෙය ඕනෑම අයෙකුට අමුතුම කතාවක් වනවා නොඅනුමාන ය. හොලිවුඩ් නම් සුපිරි ගණයේ පාරාදීසයක් මධ්‍යයේ ලී ගෙදරක් සැකසූ එම මිනිසා කවුදැයි’ අපි මෙසේ සොයා බලමු.

ඔහු නමින් කිවු (Q) ය. මැදපෙරදිග සිට පැමිණි ඔහු හමුදා ප්‍රවීණයෙකි.

ඡායාරූප; Fox news

ලොස් ඇන්ජලීස් හි නිවසක් නොමැතිව සිටි මිනිසෙක් තමාට ජීවත් වීම උදෙසා තනාගත් කූඩාරම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මත කලකිරීමට පත් වී එයට ප්‍රතිවිරුද්ධව මෙසේ ක්‍රියා කර ඇත. එම නිසා ඔහු කාර්යබහුල හොලිවුඩ් පුරවරයේ බොලවාර්ඩ් නම් පදික වේදිකාවෙහි එක් පසෙක රෝද සහිත කුඩා ලී නිවසක් ඉදිකිරීමට කටයුතු කර ඇති අයුරු දක්නට ලැබුණි.

ඡායාරූප; Fox news

Q මෙම නිවස සාදා නිම කිරීමට යොදා ගෙන ඇත්තේ; ඉදිකිරීම් ස්ථානවලින් ඉවතට විසි කරන ලද දැව ආදියයි. මෙම රෝද මත ඉදිකළ නිවස ඉදිකිරීමට මිතුරන්ගෙන් ද උදවු උපකාර ලබා ගත් බව ඔහු පවසා සිටියේ ය.

නිවස අලංකාර කරන පැල සෑදීමට ඔහු නිර්මාණශීලී ලෙස හරි ලස්සනට ලෝහමය කරත්ත කැබලි යොදාගෙන පෝච්චි සකසා තිබුණේ ය. ඔහු පැවසුවේ තම විදුලි අවශ්‍යතා සඳහා ද නිවසින් පිටත තබා ඇති ජෙනරේටරයක් ​​භාවිතා කරන බවයි.

ඡායාරූප; Fox news

‘Q’ හරි අලංකාරවත් ලෙස ලෝකය දකින මිනිසෙක් බව ඔනෑම අයෙකුට එක හෙළාම කිව හැක.

ඔහුට නගරයෙන් තාවකාලික නිවාස පිරිනැමූ නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය. ඔහු එහිදී කියා සිටියේ; හෝටලයක් වැනි තාවකාලික නවාතැනකට වඩා තාවකාලික නිවසකට බෙහෙවින් කැමති බවයි.

“එය මට යම් ආකාරයක සවිබල ගැන්වීමක් ලබා දෙයි” Q පවසා සිටියේ ඔහුගේ නිවස පිළිබඳ මනා උද්දාමයකිනි.
“මම මෙතන කාටවත් කරදර කරනවා කියලා මම හිතන්නේ නැහැයි’ Q තවදුරටත් කියා සිටියේ ය.

යමෙක් පදික වේදිකාවක්, සක්‍රීය ධාවන පථයක් හෝ ව්‍යාපාරයක් අවහිර කරන්නේ නම් මිස එයට නිසි පියවර ගත හැකි මුත් තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව පොලීසිය ද අවධාරණය කර සිටියහ.

හොලිවුඩ් වැනි ලෝකප්‍රසිද්ධ නගරයක් මැද ලී නිවසක් ඉඳි කළ ඔහුට නම් තැනෙහි කිසිම අදාලත්වයක් නැත.

Q මෙවැනි සිඳුවීම් වලට මුහුණ දෙන මිනිසුන්ට පූර්වාදර්ශයකි.
කුඩා සිත්තැවුලකට කඩා වැඩෙන ඕනෑම අයෙකුට තම අධිෂ්ඨානය, කැපවීම තිබුණොත් කළ නොහැක්කක් නොමැත යන්නට ‘Q’ කදිම උදාහරණයකි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි