×

ඩොලර් ලක්ෂ 06 ක් පිල්ලි ගැසූ ජනාධිපති ආර්යාවට වසර 14 ක සිරදඬුවමක්!

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ආර්යාවක වන රෝසා බොනිල්ලා මුදල් වංචාවකට වැරදිකාරිය වී තිබෙනවා.


මේ හේතුවෙන් ඇයට වසර 14 ක සිරදඬුවමක් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

බොනිල්ලාගේ සැමියා වන පොර්ෆිරියෝ ලෝබෝ සෝසා 2010 වසරේ සිට 2014 දක්වා හොන්ඩුරාස් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුබසාධනය සඳහා වෙන්කර තිබූ මුදල් තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් සඳහා මෙන්ම දරුවන්ගේ පාසල් ගාස්තු ඇතුළු වියදම් සඳහා භාවිතා කර තිබෙනවා.

මෙම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 590,000 කට සමාන බවයි වාර්තා වන්නේ.

මුදල් වංචා කිරීම හා මුදල් අවභාවිතා කිරීම යන චෝදනා යටතේ ඇයට නඩු පවරා තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ නඩු විභාගයකින් බොනිල්ලාට වසර 58 කට සිරදඬුවමක් නියම කර තිබූ අතර කෙසේ නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය, අදාල නඩු විභාගයේ දුර්වලතා තිබූ බව පවසමින් එම තීන්දුව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි