×

හෝං සහ කොං යන නම් ලද බර්ලිනයේ පැන්ඩා පැටවුන්

,


බර්ලිනයේ සතුව උද්‍යානයක අලුතින්ම උපන් පැන්ඩා පැටවුන් දෙදෙනෙක්ට හොං සහ කොං ලෙස නම් තබා ඇත. ඔවුන්ට එම නම් ලැබී ඇත්තේ ඔවුන් ඉපැදෙන විට ලෝකයම කථා කළ හොංකොං අර්බුදය හේතුවෙනි. හොංකොං හී විරෝධතා ඊයේ අවසන් වුවද පසුගිය සතියේ සෙනසුරාදාවේ උපන් මෙම පැන්ඩා පැටවුන් එලෙස නම් කෙරිණී.

ඔවුන් උපන් පසු බර්ලිනයේ ප්‍රධාන පුවත් පතක් විසින් බර්ලින් වැසියන් වෙත ආරාධනා කර සිටියේ මෙම පැන්ඩා පැටවුන් දෙදෙනාට නමක් අවශ්‍ය බවයි. එහිදී යෝජනා වූ නම් අතරින් හොදම නම තේරීමට ඡන්දයක් පැවති අතර එහිදී හොං සහ කොං යන නම් දෙක යෝජනා විය.

Panda mother with cub

එම නම ඉතා ගැලපෙනාවා හෝං කොං කියන්නේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන සහෝදරත්වයේ නගරයයි. පුවත් පතේ එක් පාඨකයෙකු සිය අදහස් පවසා ඇත්තේ එලෙසිනි.
මීට අමතරව මේ දිනවල කථාබහට ලක්වුන හොංකොං විරෝධතාවල ඉදිරියෙන් සිටි ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ජොෂ්වා වොන්ග් සහ ඇග්නස් චෝ ගේ නමුත් යෝජනා වී තිබිණි.

චීනය සිය මෘදු රාජතන්ත්‍රික උපක්‍රමයක් ලෙස පැන්ඩාවරුන් ලෝකයේ රටවල් අතර බෙදා හැරීම සිදු කරයි. ඔවුන්ව ලබා ගන්නා රටවල් පැන්ඩාවන්ට ඉපදෙන පැටවුන් නැවතත් චීනයට ලබා දිය යුතුවීම චීනය විසින් නැවතත් අපේක්ෂෘ කරයි. ඒ අනුව හොං හා කොංද තවත් වසර කිහිපයකින් තම මවුපියන්ගෙන් වෙන්ව චීනයට යා යුතුය.

චීනය සහ හොංකොං රාජ්‍ය අතර දිගින් දිගටම පවතින දේශපාලනික අර්බුද අතර නැවතත් චීනයට යන පැන්ඩා පැටවුන් දෙදෙනාට හො කොං ලෙස නම් තැබීමේ දේශපාලනයද අපූරුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි