ජූලි 1 වැනිදාට යෙදී තිබෙන හොංකොං දේශ, චීන පාලනයට යටත් වීම සමරමින් උද්ඝෝෂකයෝ විශාල පිරිසක් රජයේ ප්‍රධාන ගොඩනැගිලි මූලස්ථානය වෙත කඩා වැදුණේ, හොංකොං හි සාමාන්‍යෙයන් දැකගත හැකි සාමකාමී ජන රැළි සම්ප්‍රදාය විප්ලවීය ලෙස වෙනස් කරමිනි.
ඔවුන් ඊයේ දිනය යොදාගත්තේ මතභේදයට තුඩු දී ඇති උදර්පණ පනත් කෙටුම්පත හකුළා ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමේ නවතම වෑයම ලෙස ය.
සිය ගණනක් වූ තරුණ උද්ඝෝෂකයන් මේ අනුව රජයේ මුලස්ථානය වෙත, එහි තිබූ වීදුරු කඩා බිඳ දමමින් කඩාකප්පල්කාරී ලෙස ඇතුළු වූ අතර, එයින් ඉවත් වීම ට පෙර පැය ගණනාවක් එහි බලහත්කාරයෙන් ද රැඳී සිටියහ. ඔවුන් එයින් ඉවත් වූයේ සිය ගණනක් වූ කැරළි මර්දන පොලිසිය එහි ළඟා වීමත් සමග ය.
කැන්ටොනීස් බසින් ස්ප්‍රේ කරන ලද අකුරුවලින් ලියන ලද සටන් පාඨ ද ගණනාවක් එහිදී දැකගත හැකි විය.
පොලිසිය පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර යොදාගත්හ. මුල් අවස්ථාවේදීම පොලිස් මර්දනය සිදු නොවී, උද්ඝෝෂකයන්ට පැය කිහිපයක් මෙම මර්මස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව පොලිස් මර්දනය සිදුකළේ මන්ද යන්න අන්තර්ජාතික පුවත් සේවාවන් හි ප්‍රශ්න කිරීමට ලක්විය.
මෙම ආණ්ඩුකරණ මූලස්ථානය හැදින්වෙන්නේ ‘ලෙජිස්ලේටිව් කවුන්සිල්‘ හෙවත් ‘ව්‍යස්ථාදායක කවුන්සිලය/සභාව යනුවෙනි.
පොලිස් විරෝධතා මධ්‍යෙය් නොසැලී සිටි ශිෂ්‍යයන් ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කන් නොදෙන නිසා වීදි බැසීම හැර අන් විකල්පයක් නොමැති වූ බවයි.
මෙයට පෙර පසුගිය සති කිහිපය තුළ අවස්ථා ගණනාවකදී දස දහස් ගණන් වූ සාමකාමී උද්ඝෝෂකයන්ගෙන් හොංකොං වීදි පිරී ගියේ උදර්පණ පනත් කෙටුම්පතකට විරුද්ධව ය. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන ලෙසත්, උදර්පණය අවසන් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
ජූනි 16 දා පැවති උද්ඝෝෂණවලට මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් ජනයා පැමිණ තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.
අර්ධ ස්වයං පාලනයක් පවතින හොංකොං දේශය හෙවත් ‘හොංකොං විශේෂ පරිපාලන ඒකකය‘ චීන පරමාධිපත්‍යයට නතු වීමේ 22 වන සංවත්සරය යෙදී තිබුණේ ජූලි 1 වැනිදා ය.
මෙම දිනය උදර්පණ පනත් කෙටුම්පතට විරුද්ධව නැගී සිටීමට හොඳම දවස ලෙස උද්ඝෝෂකයන් තෝරාගත්තේ විශේෂ හේතු කිහිපයක් නිසා ය. ඒ අතරින් ප්‍රධානතම හේතුවක් වන්නේ දේශපාලන හෝ ව්‍යාපාරික වැරදි සිදුකරන ලද හොංකොං වැසියන් චීනයට උදර්පණය කිරීමට මෙම කෙටුම්පතින් ඉඩ ලැබෙන නිසා ය. හොංකොං හි ප්‍රධාන විධායිකා නොහොත් හොංකොං නායිකා කේරි ලැම් පවසා තිබෙන්නේ එම කෙටුම්පත සම්මත කිරීමේ අදහස දැනට හකුළාගෙන ඇති බව ය. ඇය මෙම නීතිය ගෙන ඒමට උත්සාහ කිරීම ගැන ජනතාවගෙන් සමාව ද ඉල්ලා තිබේ. නමුත් මෙම උදර්පණ පනත ඉදිරියේදී සම්මත කිරීමට ඉඩක් නැති බව මෙයින් අදහස් නොවේ. එයද උද්ඝෝෂකයන්ගේ කෝපයට හේතුවකි.
හොංකොං හි ක්‍රියාත්මක වන්නේ ‘එක රටක්- ක්‍රම දෙකක්‘ මොඩලයයි. ( “One Country, Two Systems” ) මෙය, 1997 වසරේදී හොංකොං රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා චීනය වෙත භාරදීමේදී නිර්මාණය කර ගත්තකි. චීනය විසින් ව්‍යවස්ථාමය වශයෙන් පාලනය වුවද, හොංකොං යනු චීනයේ යටත් විජිතයක් නොවේ. එය ස්වාධීනත්වයක් භුක්ති විඳින අතර, විශේෂ පරිපාලන ඒකකයක් වශයෙන් පවතියි. විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලදී එය චීනයෙන් ස්වාධීන ය. හොංකොං වැසියන් අතර ප්‍රචලිත කතාවකට අනුව චීනය යනු, ඔවුන්ගේ ‘ලොකු අයියා‘ ය. ඔවුන් චයිනා මේන්ලන්ඩ් නොහොත් චීනය ලබාඇති ආර්ථික දියුණුව සහ හොංකොං දේශයට එයින් ඵල ලැබීම සතුටින් පිළිගන්නා අතරම, චීනය, හොංකොං හි පාලන කටයුතුවලට අනිසි ඇඟිලි ගැසීම් නොකළ යුතු බව ද විශ්වාස කරයි. සැබවින්ම විශාල ස්වාධිපත්‍යයක් හොංකොං රාජ්‍යය විසින් භුක්ති විඳියි.
1997 වසරෙන් පසු හොංකොං දේශය අති දැවැන්ත දියුණුවක් ලැබූ අතර, ලෝකයේ දූෂණ හා වංචා අඩුම රාජ්‍යයක් ලෙස ද එය දිගින් දිගටම පවතියි.