×

හුදකලා වන ආසියාවේ ලෝක නගරය හොංකොං

බීජිංහි මෙම ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් කැතේ පැසිෆික් ගුවන් සේවා සමාගමට බරපතල හානි සිදු ව ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර ඇත.


ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) අධ්‍යක්ෂ ජනරාල් විලී වොල්ෂ් කටාර්හි පැවති ගුවන් සේවා සම්මන්ත්‍රණයකදී පවසා තිබුණේ චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් ගෝලීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස හොංකොං වලට තිබූ ස්ථානය මේ වන විට අහිමි වෙමින් පවතින බවයි.


හොංකොං යනු තවමත් දැඩි COVID-19 සීමා කිරීම් වලට අනුගත වන ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකකි, බීජිංහි මෙම ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් කැතේ පැසිෆික් ගුවන් සේවා සමාගමට බරපතල හානි සිදු ව ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) අධ්‍යක්ෂ ජනරාල් මෙහිදී වැඩුදුරටත් ප්‍රකාශ කර ඇත.

හොංකොං හි වත්මන් නීතිරීතිවලට අනුව, පැමිණෙන සියලුම දෙනා දින තුනක හෝටල් නිරෝධායනයකට භාජනය විය යුතු අතර පසුව දින හතරක වෛද්‍ය නිරීක්ෂණ කාල සීමාවකට භාජනය කළ යුතය. මේ අතර කාලය තුළ සංචාරකයන්ට බාර් සහ අවන්හල් වැනි ස්ථානවලට ඇතුළු වීම තහනම් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දින හතක වෛද්‍ය නිරීක්ෂණ සඳහා පක්ෂව හෝටල් නිරෝධායනය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ යටතේ නගරයට පැමිණීම් තවමත් සීමා කරනු ඇති බවයි.

වසංගතයට පෙර ලොව කාර්යබහුලම ද්වාරවලින් එකක් වන හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ අප්‍රේල් සහ ජුනි අතර මගීන් 591,000 ක් පමණක් හසුරුවා ඇති අතර ඊට සාපේක්ෂව එම කාලය තුළ සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව මිලියන 7.3 පමණ වන බව පැවසේ. ඒ අනුව නිරෝධායන ප්‍රතිපත්ති හේතුවෙන් හොංකොං මධ්‍යස්ථානයට තිබූ ජනප්‍රියතාව වෙනත් ගුවන් තොටුපලවල් කෙරේ මාරුවනු දක්නට ලැබේ.

මේ වන විට හොංකොං මූල්‍ය කේන්ද්‍රස්ථානයෙන් පදිංචිකරුවන් සහ ව්‍යාපාර නගරය අතැර යාමක් දක්නට ලැබේ. ඒ අනුව 2020 හා 2022 වසරේ 200,000 කට වැඩි පිරිසක් මෙලෙස නගරය හැර ගොස් ඇත.

හොංකොං නායක ජෝන් ලී අඟහරුවාදා කියා සිටියේ තම රජය සෙසු ලෝකය සමඟ නැවත සම්බන්ධ වීමේ අවශ්‍යතාවය මත පවතින මතභේදාත්මක නිරෝධායන ප්‍රතිපත්තීන්හි වෙනස්කම් පිළිබඳව සලකා බලන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි