×

හොංකොං විරෝධතා අවසන් ! කැරී ලෑම් මතභේදාත්මක උදර්පණ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගනී

සති 13ක විරෝධතා අවසන්


මෙම වසරේ මාර්තු මස 31 වන දා සිට සති 13ක් තිස්සේ හොකොංහී ජනතාව සිය ජීවිත පරදුවට තබමින් මහ මගට බැස්සේ සිය රටේ ප්‍රජාතාන්ත්‍රික නිදහස නැති කිරීමට චීන රජය විසින් ගෙන එන්නට සූදානම් වූ උදර්පණ පනතක් අහෝසි කර ගන්නා ලෙස පාලිකා කැරී ලෑම් වෙත බල කරමිනි.

ඊයේ ප්‍රකාශයක් සිදු කරමින් නායිකා කැරී ලෑම් පවසා සිටියේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන උදර්පණ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා බවයි. ඇයට එම තීරණය ගැනීමට මාස තුනක කාලයක් ගත වූ අතර එම කාලය අතර තුර පනත ඉවත් කර ගන්නා තෙක් හොංකොං හී බහුතරයක් ජනතාව ඊට විරෝධතාව දැක්වීමට වීදි බැස සිටියහ. ඇය විසින් මෙම තීරණය ප්‍රකාශ කිරීමට පෙර පසුගියදා එරට පාසැල් සිසුන්ද විරොධතාවට එක් වූහ‍.

රජය විසින් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට තීරණය කරන විට ජනතා වාරෝධතාවට ප්‍රචණ්ඩත්වයද එක් වී පැවතිණ

උදර්පන නීතිය පිළීබද මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීඹ තුළින් බලාපොරෝත්තු වූ යේ හොංකොං රාජ්‍ය යේ වැරදිකරුවන් පිළිබද නීතිය පසිදලීමේ ක්‍රියාවලිය චීනයට භාර දීමයි. විරෝධතා දැක්වූ ජනතාව කියා සිටියේ සිය රටේ ජනතාව ට දඩුවම් දීමට චීනයට ගෙන ්යෑම අසාධාරණ බවත් එමගින් චීනයට විරුද්ධ වන ප්‍රජාතාන්ත්‍රවාදය වෙනුවෙන් කැප වන හොංකොං වැසියන්ගේ ජීවිත අනතුරේ බවත්ය.

විරෝධතා අතරතුරේ සියළු රාජ්‍ය කටයුතු ඇණහිටීම මෙන්ම පාර්ලිමේන්තුව වටලෑම වැනි අනපේක්ෂීත අවස්ථාවන් රැසකට හොංකොං රජයට මුහුණ දෙන්නට සිදු විය. විරෝධතා හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු දින කිහිපයක් පුරා නිසි අයුරින් ක්‍රියාත්මක කළ නොහැකි වූ අතර දහස් ගණන් ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් විය.

එකී පසුබිම හමුවේ නව උදර්පන නීති යෝජනාව තාවකාලිකව හකුලා ගන්නා බව රජය විසින් ප්‍රකාශ කළද විරෝධතා කරුවන් පැවසුවේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බවයි. ඒත් සමග පැවති නොනවතින විරෝධතා හේතුවෙන් මෙම නිතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවයි හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් ඊයේ ප්‍රකාශ කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි