×

හොංකොං නායිකා ලැම් ගේ වාර්ශික ප්‍රතිපත්ති දර්ශනයෙන් ඉඩම් හා ගොඩනැගිලි කෙරේ අවධානය!

හොංකොං නගරය තුළ මතුව ඇති ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම රජය සලකා බලන බව නායිකා කැරී ලැම් පවසයි.


හොංකොං නායිකා කැරී ලැම් අද දින (15) ප්‍රකාශ කර සිටියේ මෙම සතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිත ඈගේ වාර්ශික ප්‍රතිපත්ති දර්ශනය ඉඩම් හා ගොඩනැගිලි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන බවයි.

මාස ගණනක් පුරා හොංකොං නගරයේ දියත් වන නිමා නොවන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඈ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට වාර්තා වේ. 

අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ලැම් මහත්මිය මෙසේ අදහස් දැක්වූ අතර, ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තම පරිපාලනයට වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතාවය ලබා දෙන සාධකය වනුයේ ජීවනෝපාය බවත්, හොංකොං නගරය තුළ මතුව ඇති ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම රජය සලකා බලන බවත් ය. 

මේ අන්දමින් ආසියානු මූල්‍ය කේන්ද්‍රය සිව් මසකට අධික කාලයක් පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අත්විඳ ඇති අතර, චීන ජනාධිපති ෂී ජින් පිං 2012 දී බලයට පත්වීමෙන් පසු ඔහුට ඇති කළ විශාලතම අභියෝගය ද මෙම විරෝධතා බව පැවසේ. 1997 වර්ෂයේ හොංකොං නගරය බ්‍රිතාන්‍යය විසින් චීනයට පැවරූ පසු එරට මතුවූ දරුණුතම දේශපාලන අර්බුදය ද මෙය බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි