×

චීනයට විවෘත සියළු දේශ සීමා වසා දමන්නැයි හොංකොං සෞඛ්‍ය සේවකයන් වර්ජනයේ

එරට බලධාරීන් පවසන්නේ දේශ සීමාව සම්පූර්ණයෙන් වසා දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූල නොවන බවයි.


හෝංකොං හී පළමු කෝරෝනා රෝගියගේ මරණය අද වාර්ථා වූ අතර මේ වන විට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 20000 ඉක්මවමින් තිබේ.

ඒත් සමග ඊයේ හෝංකොං සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක් හා උද්ඝෝෂණයක් ආරම්භ කරමින් එරට පාලකයන්ට බල කර සිටියේ චීනයෙ දෙසට විවෘත සියළු දේශ සීමා වසා දමන ලෙසයි.

අපි දේශ සීමාව වසා නොගන්නේ නම්, රෝගී පුද්ගලයින් නිසා ඇති වන අවධානමට මුහුණ දීම සඳහා කිසිදු සම්පත් ප‍්‍රමාණයක් ප‍්‍රමාණවත් නොවනු ඇත,” යි ඔවුන් පවසයි.

මෙම වැඩ වර්ජන සඳහා හෝංකොං හී 3000කට අධික රෝහල් කාර්ය මණ්ඩලයක් සහ සෞඛ්‍ය අංශයේ නිළධාරීන් එක්ව සිටියහ.
ඔවුන් කියා සිටින්නේ මෙසේ සියලු දේශ සීමා වසා නොදැමුවහෝත් ඉදිරියේදී චීනය පුරා පැතිරෙනු ඇති රෝගය නිසා ආසාදිත පුද්ගලයින් හොංකොං වෙත පැමිණෙනු ඇති බවයි.

නමුත් එරට බලධාරීන් පවසන්නේ දේශ සීමාව සම්පූර්ණයෙන් වසා දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූල නොවන බවයි.

මේ වන විට හොංකොං හී කොරෝනා ආසාදිතයින් 16ක් වර්ථා වී ඇති අතර එය අසල් වැසි රාජ්‍යයන් වන ජපානය හා තියාලන්තයට වඩා අඩු අගයක් ගනී,

බ්‍රිතාන්‍ය යටක් විජිත සමයේදී චීන පාලනයෙන් ස්වෛරීභාවයට පත් වී වසර විසි දෙකකට පසු හෝංකොං හා සිය ප්‍රධාන භූමිය අතර හුවමාරු වී ඇති භාණ්ඩ මෙන්ම සංක්‍රමණිකයන්ද අති විශාලය.
මිනිත්තු 45ක කාලයක් තුළ හොංකොං සිට චීනයට ලගා විය හැකි අතර අමං මාර්ග ඔස්සේ බස් රථ මගින් චීනයේ සිට විශාල සංඛ්‍යාවක් හොංකොං වෙත සංක්‍රමණය වන්නේය. සංඛ්‍යාලේඛණ වලින් පැවසෙන පරිදි හොංකොංහී පදිංචිකරුවන් මිලියන 7.4 අතරින් පස් දෙනෙකුගෙන් එක් අයෙක් චීනයේ සිට සංක්‍රමණය වූවෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි