×

ලෙනන් බිත්ති සටහන් ගැලවීමෙන් කෝප වූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුලු ගෑස් ප්‍රහාර!

අද දින හටගත් මෙම නොසන්සුන්කාරී වාතාවරණය තුළ හොංකොං නගරයේ ඉදිරියේ කුමක් සිදුවේද යන්න පුරෝකතනය කළ නොහැකි බවට අපගේ මතයයි.


හොංකොං හි තෙමසකට අධික කාලයක් තිස්සේ මතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගැනීමේ අර්බුදය හමුවේ ලෙනන් බිත්ති වල අලවා තිබූ විචිත්‍රවත් පණිවුඩ සටහන් ගලවා දැමීමට චීන-හිතවාදී කණ්ඩායම් අද (21) දින කටයුතු කළ බවට පෙර වාර්තා වී තිබිණි.

මින් කෝපයට පත් හොංකොං විරෝධතාකරුවන් වීදි බැස ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා විරෝධතාව ප්‍රකාශ කිරීම හේතුවෙන් පොලිසිය ඔවුන් වෙත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වේ.

චීන රජයට පක්ෂපාතී පුද්ගල කණ්ඩායම් විසින් අද දින හොංකොං හි ලෙනන් බිත්ති වලට හානි පමුණුවන අන්දම කැමරා කාචයේ සටහන් වී තිබිණි.

ඔවුන් ගේ මෙම ක්‍රියාකලාපයට විරෝධතාව පළකරමින් චීන රජයට අභියෝග කරන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා හඬ නඟන විරෝධතාකරුවන් නැවත වරක් වීදි බැස තිබේ.

ආන්දෝලනාත්මක උත්දර්පණ පනත හමුවේ හොංකොං නගරයේ ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් චීන රජයට හොංකොං ප්‍රදේශවාසීන් විවිධ වරද හමුවේ නඩු සඳහා චීනයට පිටත් කිරීමට එරෙහිව පසුගිය ජූනි මස පටන් හොංකොං හි ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධතා වල නිරත වූ අතර, එම පනත අහෝසි වීමත් සමඟ තත්ත්වය යම්කිසි මට්ටමකට සමතයකට පත්වීමක් දක්නට ලැබිණි. කෙසේවෙතත්, හොංකොං හි ස්වාධීනත්වය ඉල්ලා විරෝධතාකරුවන් යොමුකර තිබු ඉල්ලීම් 5න් එක් ඉල්ලීමක් පමණක් ඉටු කිරීමට නායිකා කැරී ලැම් සමත් වී තිබිණි.

මීට දින කිහිපයකට පෙර හොංකොං නගරයේ මොනොරේල් දුම්රියපළවල් (MRT) වෙත අලාභහානී සිදුකර ඇති අන්දමද දක්නට ලැබිණි.

අද දින හටගත් මෙම නොසන්සුන්කාරී වාතාවරණය තුළ හොංකොං නගරයේ ඉදිරියේ කුමක් සිදුවේද යන්න පුරෝකතනය කළ නොහැකි බවට අපගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි