×

හොංකොං පොලිසිය, තියනාන්මෙන් කෞතුකාගාරයට කඩා වදියි

චීනය ‘විදේශීය කුමන්ත්‍රණය න්‍යාය‘ හොංකොං දේශයේත් අකුරට ක්‍රියාත්මක කරවයි


හොංකොං පොලිසිය විසින් හොංකොං නගරයේ පිහිටා තිබෙන තියනාන්මෙන් සමූලඝාතනය සිහිගන්වන කෞතුකාගාරය වටලා එයට අලාභ හානි සිදුකර තිබේ. කෞතුකාගාරයේ තිබූ දේ හොංකොං පොලිසිය විසින් වාහනවලට පටවාගෙන යන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මොන්කොක් හි පිහිටා ඇති හොංකොං තියනාන්මෙන් කෞතුකාගාරය, ජූනි 4 කෞතුකාගාරය ලෙස ද හැඳින්වේ. 1989 වසරේ ජූනි 4 වැනිදා චීනයේ බෙයිජිං නුවර තියනාන්මෙන් චතුරස්‍ර යේදී සිදුවූ ශිෂ්‍ය සංහාරයට අදාළ තොරතුරු පමණක් නොව, ඓතිහාසික සැමරුම් ද මෙම හොංකොං කෞතුකාගාරයේ විය. එය පවත්වාගෙන ගියේ සිවිල් සංවිධානයක් විසිනි.

එයට පෙර දිනයේ, මෙම කෞතුකාගාරය පවත්වාගෙන ගිය සිවිල් සංවිධානයේ සාමාජිකයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගැනීම ද සිදුවිය. මෙම අත්අඩංගුවට ගැනීම් වෙත ඇමරිකාව සහ එක්සත් රාජධානියේ අවධානය වහාම යොමු වූ අතර, මෙය බලය අපයෝජනය කිරීමක් ලෙස ඔවුන් විසින් දක්වා තිබේ.

තියනාන්මෙන් සංහාරය පිළිබඳ ලෝකයේ ඇති එකම කෞතුකාගාරය බවට පත් ව තිබුණේ මෙම හොංකොං කෞතුකාගාරයයි.

හොංකොං රාජ්‍යය තුළ මේ වන විට දැඩි චීන බලපෑමක් ක්‍රියාත්මක ය. ජාතික ආරක්ෂාව පිළිබඳ නීති යටතේ ‘විදේශීය කුමන්ත්‍රණ‘ චෝදනාව නගමින් මේ වන විට හොංකොං හි ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට විවිධ අංශවලින් මරු පහර එල්ල වෙමින් තිබේ. හොංකොං චීනයට පරිපාලනමය වශයෙන් බැඳී සිටියත්, එය ආර්ථික හා දේශපාලනික වශයෙන් ස්වයංපාලනයක් සහිතව මෙතෙක් ක්‍රියාත්මක වූයේ ලෝකයේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත කලාපයක් ලෙස ය. හොංකොං, ලෝකයේ අල්ලස හා දූෂණය අඩුම ස්ථානයක් ලෙස ද සැලකිණි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි