×

හොංකොං විරෝධතා : සුදු ඇඳගත් ආයුුධ සන්නද්ධ පිරිසක් දුම්රියක් තුළ මගීන්ට පහර දෙයි

45 දෙනෙකු මේ හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති එක් අයෙකුගේ තත්ත්වය බරපතලයි


මාසයකට අධික කාලයක් තිස්සේ හෝංකොං වැසියන් විසින් එරට රජය හා චීනයට විරුද්ධව ගෙන යන විරෝධතා ව්‍යාපාරය ඊයේ වෙනත් මගක් ගන්නා ලදී. විරෝධතා අනතුරුව නිවෙස් බලා යමින් සිටි පිරිසට යුඒන් ලොන් දුම්රිය ස්ථානයේදී නාදුනන මුහුණු ආවණය කර ගත් සුදු ඇදුමින් සැරසී සිටි පිරිසක් විසින් පහර දීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය.


මෙම පහර දීම කවුරුන් විසින් සිදු කලාදැයි අනාවරණය නොවුණද 45 දෙනෙකු මේ හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය  අනාවරණය කරයි.

හොංකොංහී අපරාධ චෝදනා එල්ල වන පුද්ගලයන් ගේ නීතිමය කටයුතු සදහා චීනයේ මැදිහත්වීම අපේක්ෂා කෙරෙන උදර්පණ නීතිය ස්ථාපිත කිරීම වළකන ලෙස ඉල්ලා හොංකෙං වැසියන් කාලයක් තිස්සේ මෙම විරෝධතාවයේ නියැලෙයි.

කෙසේ වුවත් ජනතාව පවසන්නේ නිරායුධ අහිංසක දුම්රිය මගීන් පිරිසකට එල්ල වූ මෙම ප්‍රහාරය වළකාලීමට හෝ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පොලීස්ය හෝ කිසිදු ආරක්ෂක අංශයකින් පැමිණීමට පැයකට අධික කාලයක් ගත කළ බවයි. එම හේතුවත් සමග මෙම ප්‍රහාරය රජයට පක්ෂ කිසිවෙක් විසින් සිදු කරන්නට ඇතැයි අනුමාන කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි