×

හොංකොං පොලිසියට විරුද්ධව තවදුරටත් උද්ඝෝෂණ

හොංකොං විරෝධතාවලට අද දිනයේ ද දැඩි පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර, මේ ගෙවී යන්නේ උද්ඝෝෂණවල 7 වැනි සතියයි.


හොංකොං හි යුවන්ග් ලොන්ග් ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් අද දිනයේ දැඩි පොලිස් ප්‍රහාර හමුවේ මර්දනය කෙරිණි. පොලිසිය ප්‍රකාශ කරන්නේ තමන් පහර දුන්නේ ‘අවසර නොලත්‘ විරෝධතාවකට බවයි.

පසුගිය සතියේදී වෙස් මුහුණු ලූ සන්නද්ධ අංශ විසින් මෙම ස්ථානයේදීම විරෝධතාකරුවන් දැඩි මර්දනයකට ලක් වීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ දහස් ගණනකගේ සහභාගිත්වයෙනි.

පසුගිය ඉරිදා එම විරෝධතාවයට හිටිහැටියේ සුදු ටී ෂර්ට හැඳගත් 100 දෙනෙකුගේ කණ්ඩායමක් කඩාවැදුණු අතර, ඔවුන් විසින් මාධ්‍යවේදීන් සහ විරෝධතාකරුවන්ට ලී සහ යකඩ පොලුවලින් පහර දෙන ආකාරය දැකගත හැකි විය. එහිදී 45 දෙනෙක් පමණ තුවාල ලැබූහ. ජනතාව පසුව පැවසුවේ හොංකොං පොලිසිය මෙම හදිසි අවස්ථාව පිළිබඳ ජනතාව විසින් ලබාදුන් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූයේ ඉතා මන්දගාමී ලෙස බවයි. තවද ඔවුන් උද්ඝෝෂණ පැවති ස්ථානයට පැමිණියේ එකී මැරවර පිරිස් ඉවත්ව ගිය පසු බව ද වාර්තා විය. මේ අනුව පොලිසිය ඔවුන් සමග වංක සහයෝගයකින් කටයුතු කරන බවට විශාල ජනමතයක් රට තුළ ඇති වී තිබේ.

මේ ගෙවී යන්නේ, මතභේදාත්මක උදර්පණ පනත් කෙටුම්පතට එරෙහිව හොංකොං ජනතාව උද්ඝෝෂණය කරන 7 වැනි සතියයි.

මේ වන විට උදර්පණ පණත හකුළාගෙන ඇතත්, විරෝධතාකරුවන්ගේ නව ඉල්ලීම් වන ඇති වූ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විමර්ශන, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සහ කේරි ලෑම් ඉල්ලා අස්විය යුතු බවට වන ඉල්ලීම් තවදුරටත් ඉල්ලීම් වශයෙන්ම පවතියි.

මේ වන විට හොංකොං හි විරෝධතා පැවැත්වීම තහනම් කර තිබේ. මෙය ද උග්‍ර ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ලෙස විවේචනයට ලක් වේ.

තහනම නොතකා යුවන්ගේ ලොන්ග් වෙත ඇදී එන පිරිස් පොලිස් විරෝධී සටන් පාඨ කියමින් එහි රැඳී සිටින ආකාරය මේ වන විට ද දැකගත හැකිය.

Anti-extradition bill protesters attend a mass rally in Yuen Long, New Territories, Hong Kong, China, 27 July 2019
Protesters had marched through the streets of Yuen Long, a working-class district in the north – EPA
සුදු පැහැති ටී ෂර්ටවලින් සැරසී උද්ඝෝෂකයන් අතරට කඩා වැදුණු මැරවරයෝ


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි