×

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමෙයි.

රට පුරා උද්ගතව ඇති විරෝධතා හේතුවෙන් හොංකොං හි සමහර පාසල් සහ විශ්ව විද්‍යාල අද උදෑසන සිට වසා දමන ලදී


රට පුරා උද්ගතව ඇති විරෝධතා හේතුවෙන් හොංකොං හි සමහර පාසල් සහ විශ්ව විද්‍යාල අද උදෑසන සිට වසා දමන ලදී. හොංකොං හි දේශීය හා විදේශීය පාසල් දුසිම් ගණනක් අඟහරුවාදා වසා දමන බව කියා සිටියේ සමහරු දෙමව්පියන්ට කෙටි පණිවුඩයක් ලබා දෙමින් එය ආරක්‍ෂිත හේතුන් නිසා සිදු වූ බවයි.

පොලිසිය මගීන් සෙවීම සහ දුම්රිය ස්ථානවල දිගු පෝලිම් පිහිටුවා තිබීම නිසා බොහෝ දුම්රිය ගමන් වාර අත්හිටුවී හෝ ප්‍රමාද ඇත.

සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ චීන හොංකොං විශ්ව විද්‍යාලයේ ගැටුම් ආරම්භ වී ඇත.

සඳුදා(10) දින වන විට හොංකොං හි ප්‍රචණ්ඩත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර පොලීසිය එක් ක්‍රියාකාරිකයෙකුට වෙඩි තබා ඇත. තවත් පුද්ගලයෙකුට රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත.

කැරලි මර්දන පොලිසිය අඟහරුවාදා අලුයම නගර විශ්ව විද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුමක් දවස පුරා පැවතුනි.

මෙම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාස ගණනාවක් තිස්සේ හොංකොංහි කම්පනයකට ලක්ව ඇති අතර තත්වය පහත වැටීමේ සලකුනක් තවමත් නොපෙන්වයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි