×

හොංකොං හී විරෝධතා – පංති වර්ජනය කරමින් පාසැල් සිසුනුත් එක්වේ

පංති වර්ජනය සදහා පාසැල් 200ක පමණ සිසුන් 9000කට ආසන්නව සහභාගී වෙයි


මාස තුනකට අධික කාලයක් තිස්සේ හොංකොං හී පැවති විරෝධාතා වල උත්සන්නම අවස්ථාව ගත වෙමින් පවතී. මේ වන විට විරෝධතාව වෙනුවෙන් එරට විශ්වවිද්‍යාල හා පාසැල් සිසුන්ද පන්ති වර්ජනයේ නියැලෙමින් විරෝධතාවට එක් වූහ.

”අවසානය පැමිණෙමින්” පවතින බවට චීනය සිදු කළ ප්‍රකාශයත් සමග මෙසේ විරෝධතා උත්සන්න වී ඇත.

හොංකොං හී දී චෝදනා ලබන වැරදි කරුවන් සම්බන්ධව නීතිය පසිදලීමේ ක්‍රියාවලිය සදහා චීනය වෙත භාර දීම පිළිබදව හදුන්වා දීමට සූදානම් නව උදර්පණ පනතට එරෙහිව පසුගිය අප්‍රේල් මෙම විරෝධතා ආරම්භ කරන ලදී,

ඉන්පසුව එයට රජයේ සේවකයන් , ගුරුවරුන් නීතිඥයන් , වෛද්‍යවරුන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස එක් විය. අවසානයේ මේ වන විට පාසැල් සිසුන්ද විරෝධතාවට සහය දක්වමින් සිටී.

මෙම පාසැල් සිසුන්ගේ පංති වර්ජනය සදහා පාසැල් 200ක පමණ සිසුන් 9000කට ආසන්නව සහභාගී වී ඇති බවට මාධ්‍ය අනාවරණය කරයි.
ඔවුන් මේ වන විට පාසැල් වලින් පිටතට පැමිණ  ..හොංකොං නිදහස් කරන ලෙස ඉල්ලමින් ”තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන ලෙස ඉල්ලමින් .. උද්ඝෝෂණයේ නියැමින් සිටී.

අපගේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අපි අපේ ආත්ම ගෞරවය අත්හැරීමට සූදානම් .. ඔවුහු සිය දායකත්වය ගැන පවසන්නේ එලෙසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි