×

මධ්‍යම රාත්‍රියේ පටන් හොංකොං නගරයේ මුහුණු ආවරණ භාවිතය තහනම්!

මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම ඇතුළු තවත් හදිසි නීති ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා...


හොංකොං නායිකා කැරී ලැම් අද (04) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලබනු ඇති බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු පැවසීය.

 එහිදී මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මහජන රැලිවලදී මුහුණු ආවරණ භාවිතය තහනම් කිරීමට රජය අපේක්ෂා කරන බව මාධ්‍ය පළ කර වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

චීනයට විරෝධය පාමින් හොංකොං නගරය තුළ මාස ගණනාවක පටන් මතුව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තුළ මෙසේ රජය මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම ඇතුළු තවත් හදිසි නීති ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා පවත්වන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි