×

හොංකොං මැතිවරණයෙන් චීන විරෝධී විපක්ෂයට විශිෂ්ඨ ජයක්

.


චීන හිතවාදී පාලනයට එරෙහිව හෝංකොංහී දීර්ඝ කාලයක් තිස්සේ පැවති උද්ඝොෂණ වලින් පසු පැවති මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට එරට ප්‍රජාතන්ත්‍ර හිතවාදී විපක්ෂයට හැකි වී තිබේ. හෝංකොංහී මැතිවරණ ඒකක 18 අතරින් 17ක ජය තහවුරු කිරීමට හැකිව තිබේ. මේ පිළිබදව පාලිකා කැරී ලෑම් පවසන්නේ තමන් සිය ජනතා මතයට ගරු කරන බවයි. ඡන්දය භාවිත කිරීමට මිලියන 4.1ක පිරිසක් සුදුසුකම් ලැබූ අතර ඡන්ද දායකයින් දැඩි උනන්දුවකින් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වූ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි

දීර්ඝ කාලයක් තිස්සේ පැවති උද්ඝෝෂණ හේතුවෙන් මෙවර මැතිවරණය සාර්ථකව සිදු නොවනු ඇති බවට සැකයක් පැවතියද එය ඉතා සාමකාමීව පැවතියේය. රටේ පැවති අස්ථාවර තත්ත්වයේන් පසු
පසුව මෙම මැතිවරණය රජයට සහාය දැක්වීමේ පරීක්ෂණයක් ලෙස සැලකුණි

නොසන්සුන්තාව නිසා ඡන්දය කඩාකප්පල් කිරීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි බියක් තිබියදීත් එය සාමකාමීව ඉදිරියට ගියේය.

මාස ගණනක නොසන්සුන්තාව, විරෝධතා සහ ගැටුම්වලින් පසුව මෙම මැතිවරණය රජයට සහාය දැක්වීමේ පරීක්ෂණයක් ලෙස සැලකුණි.

පැවති ආණ්ඩුව සහ චීනය බලාපොරොත්තුවෙන් සිටියේ මැතිවරණය එරට නිහඩ බහුතරයකගේ” සහයෝගය රජයට ලැබෙනු ඇති බවයි. නමුත් එය සාර්ථක වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ චීන හිතවාදී අපේක්ෂකයන් අන්ත පරාජයට පත් වීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි