×

හොංකොං විරෝධතා මධ්‍යයේ ජොෂුවා වොංග් ට නිදහස

''කැරී ලෑම් තව දුරටත් හොංකොං පාලනයට සුදුසු නැත….'' නිදහසින් පසු මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.


හොංකොං හී ප්‍රජාතන්තවාදය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් සිරගත කළ ශිෂ්‍ය ජොෂුවා වොංග් අද නිදහස ලැබීය. නිදහස ලැබීමෙන් අනතුරුව ඔහු කළ පළමු ප්‍රකාශය වූයේ හොංකොං හී පාලිකා කැරී ලෑම් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ මොහොත වන විටද හොංකොං හී දහස් ගණනක් වැසියෝ වීදි බැස විරෝධතා හී නියැලෙති. ඒ තම රටේ අපරාධ චෝදනා ලද පිරිස් හට නීති ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔවුන්ව චීනය වෙත භාර දිය හැකි අයුරේ නීතියක් එරට රජය විසින් සම්මත කිරීමට උත්සහා දැරීමට විරෝධතාව දැක්වීමේ අරමුණිනි. ඔවුන්ගේ විරෝධතාවට අදට සතියකට අධික කාලයක් ගත වී ඇත.

22 හැවිරිදි ශිෂ්‍ය ජොෂුවා වොංග් මීට පෙර හොංකොංහී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ විරෝධතාවයේ කැපී පෙනෙන චරිතයක් විය. 2017 සහ 2018 වසර තුළ වෙන වෙනම සිර දඩුවම් ලැබීමට ජොෂුවාට සිදු විය. Umbrella Movement ඔහුගේ නිදහස් ව්‍යාපාරයේ නමයි.

”කැරී ලෑම් තව දුරටත් හොංකොං පාලනයට සුදුසු නැත….” නිදහසින් පසු මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.

මේ වන විට දියත් වන විරෝධතාවට ජොෂුවාගේ දායකත්වය නැවතත් ලැබෙනු ඇති බව හොංකොං ජනතාවගේ අපේක්ෂාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි