×

ඇ.ඩො. මිලියන 382 ක් වැය කර හොංකොං හි ඉදිකළ බෞද්ධ කෞතුකාගාරය

බෞද්ධ දර්ශනයට අයත් ඉතිහාසය පිළිබදව අවබෝධයක් ලබා දීම සහ හොංකොං සංචාරක කර්මාන්තයේ දියුණුව මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.


හොංකොං හි ධනවත්ම පුද්ගලයා වන ලී කා ෂින්ග් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 382ක් වැය කර බුදු දහම හා අදාළ වන පරිදි කෞතුකාගාරයක් ඉදි කර ඇත.

සිය ධනයෙන් වැඩි කොටසක් එරට විශ්වවිද්‍යාල මෙන්ම රොහල් සදහා ලබා දී ඇති ඔහුගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් ලෙස ඔහු විසින් මෙම කෞතුකාගාරය හදුන්වනු ලබයි. ෆොර්බ්ස් සගරාවට අනුව 90 හැවිරිදි ලී කාගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 33ක් වේ. හොංකොං ඩොලර් බිලියන 3ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 382ක් වැය කර ඉදි කළ මේ බෞද්ධ කෞතුකාගාරය තුළ විවිධ අයුරේ පිළිම සහ කෞතුක භාණ්ඩ තැන්පත් කර ඇත. ඒ අතරේ බුදුන් වහන්සේගේ පිළිම 100ක් දැකිය හැකි වේ.

පැමිණෙන නරඹන්නන් සදහා නොමිලේ මෙම කෞතුකාගාරයට ඇතුල් වීමේ පහසුකම සළසා තිබීම විශේෂත්වයකි. බෞද්ධ දර්ශනයට අයත් ඉතිහාසය පිළබදව අවබෝධයක් ලබා දීම සහ හොංකොං සංචාරක කර්මාන්තයේ දියුණුව මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.

මෙය ඉදිකිරීම සදහා වසර 3ක් ගත වී ඇති අතර ස්වභාවික පරිසරය ඉතා සමීපව රැක ගනිමින් මෙම ඉදි කිරීම සිදු කර ඇත. මේ එහි ඡායාරූප කිහිපයක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි