×

හොංකොං ප්‍රහාරයට එරෙහිව ජනතාව වීදි බැසීමට සැරසෙයි!

හොංකොංහි පසුගිය ඉරු දින (21) එම්ආර්ටී දුම්රියපළක් තුළ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මගීන් හට එල්ල කළ කුරිරු ප්‍රහාරයට විරෝධය පාමින් වීදි බැසීමට විරෝධතාකරුවන් පිරිසක් සූදානම් වන බවට වාර්තා වෙයි.


හොංකොංහි පසුගිය ඉරු දින (21) යුඑන් ලෝන්ග් හි එම්ආර්ටී දුම්රිය ස්ථානයක් තුළ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මගීන් හට එල්ල කළ කුරිරු ප්‍රහාරයට විරෝධය පාමින් වීදි බැසීමට විරෝධතාකරුවන් පිරිසක් සූදානම් වන බවට වාර්තා වෙයි.

මෙම විරෝධතාව හරහා එම්ආර්ටී දුම්රියපළ අසල සිදුකළ මෙම ප්‍රහාරයට ස්වාධීන විමර්ශණයක් සිදුකරන ලෙසට බලධාරීන් ට බල කිරීමට නියමිත ය.

මෙම විරෝධතා පා ගමන ලබන සෙනසුරාදා (27) දින එරට වේලාවෙන් පස්වරු 4.30 ට ෂුයි සුඑන් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර යුඑන් ලෝංග් ප්‍රධාන මාර්ගය ඔස්සේ එම්ආර්ටී දුම්රියපළ දක්වා පැමිණීමට නියමිත ය.

විරෝධතාවට සහභාගී වන පුද්ගලයකු පවසා සිටි පරිදි ලබන සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී කාලය දක්වා මෙම පාගමන සිදුකිරීමට පොලිසියේ අවසරය ලබා ගැනීම සඳහා ලිපියක් ද යොමු කර ඇත.

පසුගිය ඉරු දින හොංකොං හි යුඑන් ලෝන්ග් එම්ආර්ටී දුම්රියපළ අසලදී යකඩ පොලු හා මුගුරු රැගත් සංවිධානාත්මක පිරිසක් විසින් දුම්රිය මගීන් හා ඒ අසල ගමන් ගනිමින් සිටි පුද්ගලයන් හට අමානුශික අන්දමින් පහර දුන් බවට වාර්තා විණි. එම පහර කෑමෙන් 45 දෙනෙකු තුවාල ලැබ රෝහල් ගත කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි