×

යේමනයේ හුතී කැරළි කරුවන් සටන් විරාමයට පළමු පියවර තබයි.

යේමනයේ වසර හතරක් පුරා පැවති සිවිල් යුද්ධයේදී මේ වන විට අඩුම තරමේ සාමාන්‍ය ජනතාව 6800කගේ ජීවිත අහිමි වී ඇත.



පසුගිය දෙසැම්බරයේ යේමන් රජය හා හුතී කැරළි කරුවන් අතර සටන් විරාමයක් සදහා ගත් පළමු පියවර ලෙස අත්සන් කළ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්නට හුතී කැරළි කරුවන් තීරණය කර තිබේ.
හුති කැරළි කරුවන් මෙන්ම යේමන් රජය පසු ගියදා එරට හුඩයිඩා වරාය සිය පාලනයෙන් මුදවන්නට ගිවිසගෙන සිටි අතර එය අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වැඩ සටහන් සදහා මුදා හරින්නට තීරණය කර තිබිණි.

බී බී සී වාර්ථාවන් පෙන්වා දෙන පරිදි මේ වන විට කැරළි කරුවන් ඉවත් වෙමින් සිටී. නමුත් යේමන් රජය හුතී කැරළි කරුවන් කූටෝපායන් අනුගමනය කරමින් සිටින බවයි.

යේමනයේ වසර හතරක් පුරා පැවති සිවිල් යුද්ධයේදී මේ වන විට අඩුම තරමේ සාමාන්‍ය ජනතාව 6800කගේ ජීවිත අහිමි වී ඇත. එමෙන්ම 10700ක් පමණ සාමාන්‍ය වැසියන් තුවාල ලබා ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ යුද්ය නිසා හා අතුරු ළප වන දිළිදු බව, මන්ද පෝෂණය හා නෙකුත් සමාජීය ගැටළු හේතුවෙන් දහස් ගණනකගේ ජීවිත අනතුරට ලක්ව ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි