×

කොරෝනා වෛරස පරීක්ෂාවන් ක්‍රියා කරන්නේ කෙසේද?

සාම්පල ඉක්මණින් ගනු ලැබුවහොත්, වෛරස් බර අඩු වූ විට හෝ පුද්ගලයාගේ ශරීරය වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා නොමැති නම් පරීක්ෂණ ව්‍යර්ථ වනු ඇත.


ඔබ එක් උදෑසනක උණ, හුස්ම හිරවීම සහ කැස්සකින් අවදි වුවහොත් – වෙනත් වචන වලින් කිවහොත්, නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්වුවහොත්- ඔබ ඒ සඳහා පරීක්‍ෂා කරන්නේ කෙසේද සහ එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කල්පනා කරනු ඇත.

ඔබ එක්සත් ජනපදයේ සිටී නම්, සෞඛ්‍ය සේවකයෙකු ඔබේ උගුරේ ඇතුළු ප්‍රදේශයේ සාම්පලයක් දිගු Q-ටිප් එකක් භාවිතා කර ගෙන එම සාම්පලය පරීක්ෂා කිරීම සඳහා යවනු ඇත. ඔබ චීනය වැනි ප්‍රතිදේහ පරීක්ෂණයක් කළ රටක සිටී නම්, ඔබගේ රුධිරය පරීෂාකිරීමේ ක්‍රම භාවිතා කරනු ඇත.

මෙම සාම්පල ගැනීමෙන් අනතුරුව කුමක් සිදුවේද යන්න බෙහෙවින් වෙනස් ය. උගුරෙන් ගන්නා සාම්පල PCR ලෙසද හැඳින්වෙන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරීක්ෂණ සඳහා යොමු කිරීම හොඳින් ගැලපෙන අතර COVID-19 ලෙස හඳුන්වන නව රෝගයට විශේෂිත වූ ප්‍රතිදේහ රුධිර සාම්පලය තුළ අඩංගු දැයි පරීක්ෂා කෙරෙයි.

මෙම පරීක්ෂණ දෙකම ක්‍රියාත්මක වීමට පැය කිහිපයක් ගත වන අතර එයින් අදහස් වන්නේ දිනක් ඇතුළත ප්‍රතිඵල සුදානම් විය හැකි බවයි. බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු හා බැල්ටිමෝර්හි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විශාරදයෙකු වන වෛද්‍ය අමේෂ් අඩල්ජා පැවසීය.

ආරක්ෂණ හා රෝග පාලන මධ්‍යස්ථාන (සීඩීසී) විසින් සංවර්ධනය කරන ලද COVID-19 පරීක්ෂණ මෙන්ම වොෂිංටන් සහ නිව්යෝර්ක් හි සංවර්ධනය කරන ලද පරීක්ෂණ PCR පරීක්ෂණ මෙසේ භාවිතා වේ.

PCR පරීක්ෂණ ක්‍රියා කරන්නේ වෛරසය තුළ ඇති විශේෂිත ජානමය ද්‍රව්‍ය හඳුනා ගැනීමෙනි. ඔවුන් සතුව ඇති PCR පරීක්ෂණ වර්ගය අනුව සෞඛ්‍ය සේවකයන් විසින් උගුරේ ඇතුළු පෙදෙසේ සාම්පලයක් හෝ කෙළ සාම්පලයක් හෝ සුරක්සිත කරන ලද මල සාම්පලයක් හෝ ගනු ලබයි.

නියැදියක් විද්‍යාගාරයට පැමිණි පසු, පර්යේෂකයන් එහි න්‍යෂ්ටික අම්ලය නිස්සාරණය කරන අතර එය වෛරසයේ ජානය රඳවා ගනී. ඉන්පසු, පර්යේෂකයන්ට ප්‍රතිලෝම ට්‍රාන්ස්ක්‍රිප්ෂන් පොලිමරේස් දාම ප්‍රතික්‍රියා ලෙස හැඳින්වෙන තාක්‍ෂණයක් භාවිතා කරමින් ජානයේ ඇතැම් ප්‍රදේශ විශාල කර ගත හැකිය. මෙහිදී ඇත්ත වශයෙන්ම පර්යේෂකයන්ට විශාල සාම්පලයක් ලබා දෙන අතර එය පසුව SARS-CoV-2 නමින් හැඳින්වෙන නව කොරෝනා වයිරසය සමඟ සැසඳිය හැකිය.

SARS-CoV-2 හි DNA සහ RNA වලින් සෑදෙන නියුක්ලියෝටයිඩ 30,000 කට ආසන්න ප්‍රමාණයක් ඇත. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය (යූඩබ්ලිව් මෙඩිසින්) විසින් සකස් කරන ලද PCR පරීක්ෂණය ඉලක්ක කරන්නේ SARS-CoV-2 සඳහා විශේෂිත වූ නියුක්ලියෝටයිඩ 100 ක් පමණක් බව, රසායනාගාර වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්යවරයකු සහ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය ඇලෙක්ස් ග්‍රෙනින්ගර් යූඩබ්ලිව් වෛද්‍ය විද්‍යාවේ සායනික වෛරස් විද්‍යාගාරය පවසයි.

මෙම නියුක්ලියෝටයිඩ 100 ට SARS-CoV-2 ජානවලින් ජාන දෙකක් ඇතුළත් වේ. පරීක්ෂණයෙන් ජාන දෙකම සොයාගත හොත් නියැදියක් ධනාත්මක යැයි සලකනු ලැබේ, එක් ජානයක් පමණක් සොයාගත හොත් එය අවිනිශ්චිත වන අතර ජානයක් අනාවරණය නොවන්නේ නම් සෘණ වේ. අවිනිශ්චිත හෝ ධනාත්මක යූඩබ්ලිව් වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ සඳහා වොෂිංටන්හි මහජන සෞඛ්‍ය විද්‍යාගාර සහ සීඩීසී වෙත යවනු ලැබේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, වෛරස් වලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය විසින් නිපදවා ඇති නිශ්චිත ප්‍රතිදේහ සෙරොලික්-රුධිර පරීක්ෂණ මගින් ද වෛරසය ඇතුළු වී ඇත්දැයි පරීක්ෂා කරයි.”ඔවුන් සාම්පලය තුළ එම ප්‍රතිදේහ හඳුනා ගන්නේ නම්, [පරීක්ෂණය] වෛරසයට ධනාත්මක ප්‍රතිඵ්ලයක් ලබා දෙයි,” අදල්ජා පැවසීය.

COVID-19 සඳහා සිංගප්පූරුව විසින් පර්යේෂණාත්මක ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කර ඇති බව විද්‍යා සඟරාව වාර්තා කරයි. චීනය විසින් බලපත්‍ර කිහිපයක් ද ලබා දී ඇති බව STAT පුවත් සේවය වාර්තා කරයි.

රෝගියෙකු සුවය ලැබුවද ප්‍රතිදේහ හඳුනාගත හැකි බැවින් සෙරොලොජිකල් පරීකෂාව හෙවත් රුධිරය ආශ්‍රිතව කෙරෙන පරීක්ෂණය වඩා වාසිදායක වන අතර PCR පරීක්ෂණයකින් වෛරසය හඳුනාගත හැක්කේ පුද්ගලයා දැනට අසනීප වී ඇත්නම් පමණි.

කෙසේ වෙතත්, සාම්පල ඉක්මණින් ගනු ලැබුවහොත්, වෛරස් බර අඩු වූ විට හෝ පුද්ගලයාගේ ශරීරය වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා නොමැති නම් පරීක්ෂණ දෙකම ව්‍යර්ථ වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි