×

ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට වනු ඇත.

ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා දිනකට වැඩි පිරිසක් ඉන්දියාවේ (63,000) උපත ලබයි.


එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාව 2023වන විට චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට වනු ඇති බව සැලකේ.

ඒ අනුව ඉන්දියාවේ ජන ගහණය ඉහළයාම ආර්ථිකය, සමාජය සහ ගෝලීය වශයෙන් දකුණු ආසියානු ජාතිය සඳහා බලපෑම් කරනු ඇති බවට සාකච්ඡා කෙරේ.

1950 දී මිලියන 350 ක ජනගහනයක් සිටි ඉන්දියාවේ ජනගහනය අද වන විට ඇස්තමේන්තුගත බිලියන 1.43 ක් දක්වා හතර ගුණයකට වඩා වැඩි වී ඇත. මීට සාපේක්ෂව චීනයේ ජනගහනය 2021 දී බිලියන 1.42 දක්වා ඉහළ යාමෙන් අනතුරුව මේ වන විට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ.

කෙසේ නමුත් 2050 පමණ වන විට ඉන්දියාවේ සහ චීනයේ ඒකාබද්ධ ජනගහනය බිලියන 2.8 ක් වන අතර ලෝකයේ සෑම තුන්වැනි පුද්ගලයෙක්ම ආසියාවේ රටවල් දෙකෙන් එකක් නියෝජනය කරනු ඇත. එනම් ලෝකයේ ඊළඟ වඩාත්ම ජනාකීර්ණ රටවල් 19 එකට වඩා වැඩි පිරිසක් ඉන්දියාවේ සහ චීනයේ වනු ඇත.

කෘෂිකාර්මික සම්පත් වලින් පෝෂිත චීනයේ නැගෙනහිර පළාතේ මුළු ජනගහනයෙන් 90%ක් පමණ ජීවත් වන අතර චීනයේ ප්‍රමාණයෙන් තුනෙන් එකක භූමියක් ඇති ඉන්දියාවේ බොහෝ වැසියන් ප්‍රාන්තයේ උතුරු කොටසේ පොකුරු වශයෙන් සිටිති.

ඉන්දියාවේ අවසන් වරට 2011 වසරේ සංගණනයක් සිදුකර ඇති අතර ඒවන විට මිලියනයන ජනගහනයක් ඉක්මවූ නගර 27ක් හඳුනා ගන්නා ලදි. අද වන විට මිලියනය ඉක්මවූ නගර 50ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇත. නව දිල්ලිය ඉන්දියාවේ ජනාකීර්ණතම නගරය වන අතර එහි මිලියන 30 ක පමණ ජනතාවක් වසය කරනු ඇත. දිල්ලි රටක් වූයේ නම්, එය මැලේසියාව, ඝානාව සහ මොසැම්බික් වලට පසුව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත 50 වැනි රට වනු ඇත.

ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා දිනකට වැඩි පිරිසක් ඉන්දියාවේ (63,000) උපත ලබන අතර 2021 සහ 2022 දී, කොරොන වයිරස් වසංගතයේ උච්චතම අවස්ථාව තුළ, ඉන්දියාවේ පිළිවෙලින් උපත් මිලියන 13.3 ක් සහ මරණ මිලියන 12.8 ක් වාර්තා විය. ගෝලීය ජනගහනය නව ඉහළ මට්ටම් කරා ළඟා වෙමින් පවතින අතර, ජනවිකාස විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ වාර්ෂික වර්ධන වේගය සියයට එකකට වඩා අඩු අගයක් දක්වා අඛණ්ඩව පහත වැටී ඇති බවයි.

මෙම ප්‍රක්ෂේපන මත පදනම්ව, 2080 ගණන්වලදී ලෝක ජනගහනය බිලියන 10.4 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර 2100 දක්වා එම මට්ටමේ පවතිනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි