×

වැසි නාවොත්… චෙන්නායි ?

චෙන්නායී දරුවන් බොහොමයකගේ පාසැල් ගමනත් මේ වන විට නතර වී ඇත.


දින ගණනක් ජලය බෙදා හරින තුරු මහමග පෝලිම් ගැසී බලා සිටින දහස් ගණනකි…මග දෙපස වෙනදා තිබූ කුඩා කුඩා ආපන ශාලා වැසී ගොසිනි. මෙට්‍රො දුම්රිය සේවයේ වායුසමීකරණ ක්‍රියා විරහිතය. සිය සේවකයන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස ඇතැම් ආයතන සේවකයට දැනුම් දී ඇත.. හෝටල් වල ආගන්තුකයන්ට ජලය ලැබෙන්නේ සලාක ක්‍රමයටය. ගොවීන්ගේ , වගාකරුවන්ගේ පමුණක් නොව ස්වයංරැකියා කළ බෙහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇත. ඒ අද චෙන්නාහි තත්ත්වයයි.

ශ්‍රී ලංකාවට වඩාත්ම සමීප දකුණු ඉන්දියාවේ ප්‍රධාන නගරය චෙන්නායි. ලංකාවට බෙහෙවින්ම සමානකම් ඇති කොළ පැහැයෙන් යුතු වූ නගරයකි. ලංකාවේ මෙන්ම අතීතයේ දියුණු වාරිකර්මාන්තයක් පැවතුන බවට විශ්වාස කෙරෙන නගරයකි. නමුත් මේ මෙහොත… සෑම චෙන්නායි වැසියෙකුගේම සිත භීතියෙන් ඇලලී ගොස් ඇති මෙහොතකි…

ගොවිතැනින් ජීවත් වන බහුතරයක් සිටින දකුණු ඉන්දියාවේ බෙහෝමයක් ප්‍රදේශ වලට වැස්ස යනු අද වන විට සිහිනයක් වී ඇත. අද .. හෙට.. හෝ අනිද්දා වැසි ලැබෙනු ඇතැයි සිතන්නට ඔවුන්ට නොහැකිය.

ඉන්දියාවේ සය වැනි විශාලතම නගරය චෙන්නායි හී විශාලතම ජල මූලාශ්‍රයන් හතරද අද වන විට වියළී ගොසිනි. ස්නානයට, වගාවන්ට, සේදුම් සදහා ජලය භාවිත කරන්නට ඔවුන්ට අද නොහැකි වී ඇත. හෝටල් සහ විදේශික නවාතැන් සදහා උපදෙස් ලැබී ඇත්තේ ජලය ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කරන ලෙසයි.

දැනට ඉතා ස්වල්ප වශයෙන් පවතින ජල ප්‍රමාණය තව කොපමණ දවසක් චෙන්නායි වැසියන්ගේ පිපාසය නිවනු ඇතිදැයි කිසිවෙකුත් නොදනී.

මිලයන 4කටත් අධික ජනගහනයක් වෙසෙන චෙන්නායි හී වැසියන් බොහොමයකට අද යැපෙන්නට සිදුව ඇත්තේ රජයේ ජල බෙදාහැරීම් සදහා වන ජංගම ටැංකි මගින් ලබා දෙන ස්වල්ප ජල ප්‍රමාණයකිනි. ආණ්ඩුවේ වතුර ටැංකි කවදා නිවසට ඒවිදැයි මග බලා සිටිම අද ඔවුනාගේ ජීවිත වල ප්‍රධානම කාර්ය බවට පත්ව ඇත.තවත් පිරිසකට ජලය මිලදී ගන්නට සිදුව ඇති ජලය විකුණන පෞද්ගලික ආයතන සදහා මුදල් ගෙවිය හැකි පිරිස් එසේ ජලය ලබා ගනිති.

වැසි ලැබෙන්නට නියමිතව තිබුණේ මීට මාස පහකට පමණ පෙරය.


පුනීතා .. චෙන්නායි හී කාන්තාවකි. ඇය එරට රූපවාහිනී සේවාවකට පවසා තිබුණේ. සිවු දෙනෙකුගෙන් යුතු සිය පවුලේ භාවිතය සදහා තමන්ට ලැබෙන්නේ ජලය කුඩා කල හතක් පමණක් බවයි.

චෙන්නායී දරුවන් බොහොමයකගේ පාසැල් ගමනත් මේ වන විට නතර වී ඇත. ඒ ඔවුන්ට අවශය පිරිසිදු කිරීම් සදහා ජලය නොමැති වීම හේතුවෙනි.

මේ සියල්ල අතර තුරේ ජලය සදහා ගමිබිමි වල සිදු වන කලකෝලාහලද , සොරාගැනීම්ද වැඩි වෙමින් පවතී.

දින ගණනක් ජලය ලැබෙන තුරු බලා සිටින්නන්ට තමන්ට ලැබෙන කොටස ලබා ගැනීමට සටන් කිරීමට සිදුව ඇත. ඒ අතරේ මිල මුදල් මෙන් ජලය සොරා ගන්නටද වංචනික ලෙස ලබා ගන්නටද ඇතැමුන් පෙළඹී ඇත.

දිනකට ජලය ලීටර මිලියන 820 ක් පාවිච්චි කළ මේ නුවරුන්ට දැන් සිදුව තිබෙන්නේ අහස දෙස බලා හූල්ලන්නට ය. අවසානයේ කේරළ ප්‍රාන්ත රජය දිනකට ජලය මිලියන 2 ක් බැගින් චෙන්නායි වෙත ගෙනැවිත් දෙන්නට එකඟ වී තිබේ. එම ජලය ගෙන එනු ඇත්තේ කෝච්චියෙනි. නුවරුන්ට දැනට ඇස් මානයේ තිබෙන එකම විසඳුම එයයි.

Niti Aayog නමැති පර්යේෂණ ආයතනය පවසන අන්දමට ඉන්දියාවේ ප්‍රධාන නගර 21 ක් වසර 2020 වන විට භූගත ජලය සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමට මුහුණ දෙනු ඇත.

මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට සිදුවිය. අවසන් ජල බිදුව තෙක්ම මාස ගණනාවක් තිස්සේ වැසි එනතුරු මග බලන්නට ඔවුන්ට සිදු විය.. දුෂ්කර කාලයක් නිමකර ඔවුන්ට වැසි ලැබුණා සේ චෙන්නාහී දුක්බර ජීවිත වෙනුවෙන්ද වැසි ලැබෙන්න යැයි අපි ප්‍රාර්ථනා කර සිටිමු. සැබවින්ම දැන් චෙන්නායි නගරය බේරා ගත හැක්කේ වැස්සට පමණි.
මිනිසුන් විසින්ම පොහොර දමමින් සිටින දේශ ගුණික විපර්යාසය හේතු කොට ගෙන අද දුක් විදින්නට සිදුව ඇත්තේ බහුතරයක් අසරණයන්ටය. එය ලෝකයේ කොහෙටත් එක සේ අදාළ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි