×

ජපන් රජය වසංගත තත්වය සූක්ෂමව පාලනය කරනවද? නැති නම් තොරතුරු වසන් කරනවද?

ජපානයේ තහවුරු කරන ලද COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉතා අඩු හේතුවෙන් රජය සත්‍යය වසන් කරන බවට සැකයක් ලොව පුරා විචාරකයන් තුළ ඇති කර ඇත.


ජපානයේ මේ වන විට විට තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 1,200 කට ආසන්න වන අතර මරණ 43 ක් වාර්තා වී තිබේ. සෑම දිනකම වාර්තා වන්නේ නව ආසාදන දුසිම් කිහිපයක් පමණි.

හරි නම් මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ වී යා යුතුව තිබුණි මක්නිසාද යත් ජපානය යනු ජන ඝනත්වයෙන් ඉතාම ඉහළ රටක් වන අත්‍ර එහි ජීවත් වන ජ්‍යේෂ්ඨ පුරවසියන් සංඛ්‍යාවද ඉතා ඉහළ අගයක් ගනියි. එමෙන්ම රෝගය ආරම්භවූ චීනය සමඟ එය සමීප සම්බන්ධතාවයක් ඇත: ජනවාරි මාසයේදී චීන ජාතිකයින් 925,000 ක් පමණ ජපානයට සංචාරය කළ අතර තවත් 89,000 ක් පෙබරවාරි මාසයේ සංචාරය කළහ.

නමුත් තවමත් ජපාන රජය කොරෝනා වෛරසය පාලනය කරමින් සිටියි. ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින් ජපාන රජය මාර්තු මස අවසානයේ වසන්ත නිවාඩුවට සති දෙකකට පෙර සියලුම පාසල් වසා දමා සියලු පොදු සිදුවීම් අවලංගු කළේය. නමුත් සාප්පු හා අවන්හල් විවෘතව පැවතිය හැකි අතර ජපන් සේවකයින් ස්වල්ප දෙනෙක් නිවසේ සිට වැඩ කිරීමට තීරණය කර ඇත. එමෙන්ම මුඛ ආවරණ භාවිතය අනිවාර්‍ය බව නිවේදනය කර ඇති අතර හැකිතාක් සමාජ දුරස්ථභාවය රැකගන්න ලෙස ජනතාවට උපදෙස් දී ඇත.

ජපානයේ තහවුරු කරන ලද COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉතා අඩු හේතුවෙන් රජය සත්‍යය වසන් කරන බවට සැකයක් ලොව පුරා විචාරකයන් තුළ ඇති කර ඇත.

දිනකට රෝග විනිශ්චය පරීක්ෂණ 6,000 ක් කිරීමේ හැකියාව තිබියදීත්, ජපානය මේ දක්වා සිදු කර ඇත්තේ 14,000 ක් පමණ වන අතර එය අසල්වැසි දකුණු කොරියාවට වඩා 20 ගුණයකින් අඩුය. වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇති රෝගීන් පමණක් පරීක්‍ෂාවට ලක් කරන බව වෛද්‍ය පාලන පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යාඥ මසහිරෝ කමී පවසයි. එයින් කියැවෙන්නේ වාර්තා නොවූ සිද්ධීන් ගණන ඉතා ඉහළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි