×

දරිද්‍රතාවයෙන් බැට කන එංගලන්තයේ දරුවන් සහ කුසගින්නේ රැකියාවට යන ඔවුන්ගේ දෙමාපියන්

ළමා දරිද්‍රතාව එංගලන්තය තුළ මේ වවන විට දැඩි සමාජ අර්බුදයක් බවට පත් වෙමින් තිබේ.


සිය දරුවන්ගේ කුස පිරවීම සදහා ආහාර වේල මග හරින දෙමවුපියන් එංගලන්තය තුළ සුලභ වෙමින් පවතින බව රැකියා සහ විශාමික තේරීම් කමිටුවේ ප්‍රධානී ෆ්‍රෑන්ක් ෆීල්ඩ් විසින් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම පාසැල් වලින් ලැබෙන ආහාර වේල නිසා දරුවන් පෝෂණය වුවද නිවාඩු සමයේ ඔවුන් නිවසේ සිටියදී ඔවුන්ට අවශ්‍ය ආහාර නිි පරිදි ලබා දීමට දෙමවුපියන්ට ප්‍රමාණවත් මුදල් නොමැති බව ඔහු පවසයි. ඒ නිසාම වැඩි හිටියන් කුස ගින්නේ රැකියාව සදහා පිටත් වෙයි.

මෙසේ සිය රටේ දරුවන් පාසැල් නිවාඩු සමයේ කුස ගින්නේ සිටීම වළකාළීම සදහා රජය ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
දරුවන් සම්බන්ධය ඔවුන්ට විශාල වියදමක් දැරීමට දෙමවුපියන්ට සිදුවී ඇත. ඔවුන්ගේ පාසැල් නිළ ඇදුම වෙනුවෙන් පවුම් සිය ගණනක් වියදම් කිරීමට දෙමවුපියන්ට සිදුව ඇති අතර නිවාඩු කාලයේදී ඔවුන්ගේ වියදම් අධික වේ. මේ සම්බන්ධව ෆ්‍රෑන්ක් ෆීඩ් මේ සම්බන්ධව වාර්ථාවක් ඉදිරිපත් කරමින් යෝජනා කරන්නේ දරුවන් සදහා පාසැල් කාලයේදී පිරිනැමෙන අහාර වේල නිවාඩු කල වකවානුව තුළත් ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු බවයි.
මෙම වාර්ථාවට අනුව 2015 වසරේ සිට 2022 දක්වා කාලය තුළ එංගලන්තය තුළ ළමා දරිද්‍රතාව සියය‍ෙ7% ක ප්‍රතිශතයකින් ඉහළ යමින් පවතී.

මෙම වාර්ථාවට අනුව 2015 වසරේ සිට 2022 දක්වා කාලය තුළ එංගලන්තය තුළ ළමා දරිද්‍රතාව සියය‍ෙ7% ක ප්‍රතිශතයකින් ඉහළ යමින් පවතී.
childrenssociety.org.uk වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි එංගලන්තය තුළ මේ මොහොත වන විටද දරුවන් මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් දරුවන්ගේ සෞඛ්‍ය සහ අනාගතය දරිද්‍රතාව හේතුවෙන් අඩාල වෙමින් පවතී.

අවම තරමින් දරුවන්ගෙන් තුනෙන් එකකගේ හෝ ජීවිත දරිද්‍රතාවය හේතුවෙන් පීඩාවට පත් වී ඇත. පාසලක එක් පංතියක සාමාන්‍ය යෙන් සිටින මුළු ශිශ්‍යයින් සංඛ්‍යාවෙන් 9 දෙනෙකු සිටින්නේ දරිද්‍රතාවය නිසා පීඩා විදිමිනි.

2020 වන විට එංගලන්තය තුළ  ළමා දරිද්‍රතාවය හේතුවේන අඩුම තරමින් මිලියන 5ක දරුවන් පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි